Chapter 05ˁˑˀ ➤

142 18 4
                                    

sorry for late updates!





**චටස්**

අප්සරා අම්මගේ අත කෙලින්ම නැවතුනේ හිමංසගේ කම්මුලක.. සංහිත බයවෙලා මේ දේවල් දිහා බලාගෙන හිටියත් හිමව් දොරේ ෆ්‍රේම් එකට හේත්තුවෙලා අද ඊයෙක දැකපු දේවල් නෙවෙයි මෙව්වා වගේ හිටියේ..

පන්සල් ගිහින් එනකොට අප්සරා අම්මා හිමංස අයියා කියපු, හිමව් කැමතිය කියලා කෙබ්බ පලපු ඒත් ඇත්තටම හිමංස අයියගේ කලින් කෙල්ල පින්සාරී එක්ක ගෙදර එනකොට හිමංස නහය ලගටම ගහලා ගේ ඉස්සරහා ආර්ච් එකක් උඩට නැගලා කෑගහලා පින්සාරි ලග දනගහලා කිච වෙද්දී සංහිත හිටියේ කොයිවෙලාවේ එයාට කොළඹ යන්න කියලා ආය කෝල් එකක් එයිද කියලා..

'ඇයි එකක්? තව එකක් ගහන්න!!'
හිමංස ගිරිය පුප්පගෙන කෑගහද්දී අප්සරා අම්මා තව කම්මුල් පාරක් ගැහුවා.. හිමංස කට කොනින් හිනාවෙන ගමන් කම්මුල අල්ලගෙන බිම බලාගත්තා.. කොල්ලෙක් වෙලා ඇඩුවොත් ලැජ්ජාවක් වෙයි කියලා හිතලදෝ මන්දා ඒ ඇස් කදුලු හිරකරගෙන ඉදියා...

'මොනාද හිමංස මේ වගකීමක් නැති වැඩ!!
මන් ඒ දරුවව කෑමවෙලක් දීලා යවන්න එක්කගෙන ආවේ... එහෙම තියෙද්දී උඹ මෙතන බීලා පිස්සු නැටුවම හරිද??'
අප්සරා අම්මා ආයේ අත උස්සන්න බැරිකමට දත් මිටිකාගෙන වගේ කියද්දී සංහිත කට ඇරියා..

'අයියා දැනගෙන හිටියේ නෑනේ අක්කා එනවා කියලා ඉතින්...'

'ඔය දරුවා කට වහගෙන ඉන්න..'
අප්සරා අම්මා කිව්වම සංහිත පැත්තකට උනා.. මැද්දෙන් පයින්න ගිහින් අම්මගෙන් අහගත්තු නිසා හිමව්ගේ කටින් හිනාවක් පැන්නම සංහිත හිමව්ව මරලා දාන්න කේන්තියකින් බලලා අහක බලාගත්තා..

'ඔව් ඔව් කරන්න තියෙන ඔක්කොම කරලා කන්න දුන්නම හරිනේ!!!'
හිමංස ලග තිබ්බ මේසෙකට පයින් ඇනලා කිව්වා..

'හිමංස!!'

'මට කතා කරන්න දීපන්!! මෙච්චර කාලයක් කට පියාගෙන හිටියේ අපෙත් වැරදි තිබ්බ නිසානේ අම්මේ..
හරි මායි පින්සාරී යාලුවෙනකොට හරියට ජීවිතේ ගැන දන්නෑ බොලදයි.. ඒකත් හරි ඊටපස්සේ මම ස්ථාවරේකට ඇවිත් පින්සාරිව බදිනවා කියලා ඔයාට කිව්වම ඔයා මොකද කරේ??? එයාට වෙන මනමාලයෙක් හොයලා එයාලගේ අම්මටයි ඒ අහිංසක කෙල්ලටයි කිව්වම නොගැළපෙන තැන් වලට මුක්කු ගහන්න එන්නඑපාය කියලා.. එහෙම තිබිලා දැන් ඒකි බැන්දේ දොස්තර කෙනෙක් හින්දද ගිල්ලවන්න එන්නේ ආහ්????'

You've reached the end of published parts.

⏰ Last updated: Apr 11 ⏰

Add this story to your Library to get notified about new parts!

දේදුණු | namjin Where stories live. Discover now