01.මින්සු

95 6 5
                                    

වෙලාව 7.00යි

දිගටම වදින එලාම් එකටත් කලින්ම මින්සු නැගිටලා හිටියත් එයා ඒක ඕෆ් නොකරම ඇද උඩ ඉදන් සිවිලිම දිහා බලන් හිටියේ කිසිම හැගීමක් නැති මූණකින්.ඒ මූණෙන් පේනවා මින්සු එදා රෑ නිදා ගෙන තියෙන්නේ අඩුවෙන් කියන එක.උදේ පාන්දරම මූසලයි කියලා හිතෙනවා ඇති.ඒත් මින්සුගේ හැම දවසක්ම මෙහෙමයි.

7.05 බිත්ති ඔරලොසුවේ පේනකොට නිවනක් නැතුව වදින එලාම් එක ඕෆ් කරපු මින්සු ඇදෙන් නැගිටලා කෙලින්ම ගියේ බාතෲම් එකට.වොෂ් කරන් ඇවිත් උර පටි කහ පාට දිග ගවුමක් ඇදලා ඒකට උඩින් කලුපාට ජැකට් එකකුත් දාගෙන කොන්ඩේ පෝනියකුත් දාගෙන හෙඩ් සෙට් එකත් බෙල්ලේ දාගෙන බෑග් එකත් අරන් මින්සු පහලට ආවේ ගෙදර ඉන්න එකම කෙනා එයා විතරක් වගේ.

"මින්සු බබා එන්න breakfast එක ගන්න."

වටපිට ගැන කිසිම අවදානයක් නැතිව පහලට බැහැලා එලියට ඇවිදන් යන මින්සුට කවදාවත් එයා උදේ කෑමට එයාලා එක්ක ඉන්නේ නෑ කියලා හොදටම දැන ගෙනත් යෝරා කතා කරේ ෆෝන් එකත් ඔබ ඔබ පහලට බහින ජංකුක්ව දැකලා. ජන්කුගේ ෆෝන් එකේ තිබ්බ අවදානය හැමදාම වගේ යෝරව නෑහුන ගානට එලියට ඇවිදන් යන මින්සුට දිහාවට යොමු උනේ එතකොට.

"යෝරා මෙච්චර මහන්සි වෙලා තියෙද්දී තමුන්ට හැමදාම කාලා යන්න කියන්න බුලත් දෙන්න ඕනද මින්සු"

මින්සුට කෑගහන ගමන්පඩිපෙල බැහැලා එන ජංකුක් ඒම කියද්දී යෝරට කට කොනින් හිනාවක් ගියේ එයා බලාපොරොත්තු උන දේ උනා වගේ.

"බබා.....මීසුට බනින්න එපා"

ජංකුක් දකින්න කලින් ආයෙමත් බොරු අහිංසක මූණක් මවන් ජංකුක් ලගට ගිහින් එයාගේ අතේ එල්ලෙන ගමන් කිව්වේ ඊලගට මින්සුගේ රියැක්ෂන් එක බලාගන්න.ජංකුක්ගේ බැනුම් කවදත් පුරුදු මින්සු බෙල්ලේ තිබ්බ හෙඩ් සෙට් එක කන් දෙකට දාගන්න ගියත් එයා නැවතුනේ යෝරා එයාට කතා කරපු විදිහට අතත් මිට මොලවන් ජන්කුක්ගේ ඇගේ එල්ලිලා ඉන්න යෝරාට බිම දාගෙන ගහන්න පුලුවන් හැගීමකින් හැරෙන්න හැදුවත් එයා ඒක නවත්ත ගත්තේ මෙතන කෑ ගැහුවොත් ජංකුක් කෝමත් ගන්නේ යෝරගේ පැත්ත මිසක් තමන්ගේ පැත්ත නෙමෙයි කියලා දන්න නිසා මයි. කේන්තිය පාලනය කරන් මින්සු යෝරව ගනන් ගන්නෙ නැතුව ගෙයින් එලියට බැස්සා.

Peace  Of Mind [PJM]Unde poveștirile trăiesc. Descoperă acum