07. සැගවුන අමුත්තා 😉

61 5 8
                                    

බස් එකෙන් බැහැපු මින්සු පුරුදු විදිහටම කෙලින්ම ඇවිදන් ගියේ සුමීගේ grave එක දිහාවට.ඊට කලින් එයා දැක්කා කලු ෆුල් සූට් එක ඇද ගත්ත උස පිරිමි කෙනෙක් එතන හිටන් ඉන්නවා.මින්සු දන්නවා ඒ ජංකුක් නම් නෙමෙයි කියලා.

"ඒ එයාද...."

තමන්ටම මුමුණ ගත්ත මින්සු ඉස්සරහට ඇවිදන් ගියේ තවත් එයාට සැගවුන අමුත්තාගේ මූණ දකින්න ආසාව වැඩි වෙද්දී

"චොගියෝ...."

මින්සු හිමින් සැරේ කතා කරද්දී ඒ කෙනා හැරුනා.මින්සු ඒ මූණ දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරන්.

"අහ්......ඔයා වෙන්න ඕන මින්සු කියන්නේ..."

ලස්සන ඩිම්පල් හිනාවකින් ඒ කෙනා අහද්දී මින්සුගේ ඇස් දෙක තවත් උඩ ගියා.

"ඔයා කෝමද....."

"අහ් මම කිම් නම්ජූන්.ලී සුමීගේ යාලුවෙක්."

මින්සුට අත දික් කරන ගමන් ජූන් කියද්දී මින්සු එයාගේ මූණ දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරන්

"ම්ම්ම්හ් ම්ම්හ්..."

"අහ්....."

ජූන් උගුර පාදද්දී පියවි සිහියට ආව මින්සු අතට අත දුන්නා.

"මට ඔන්නිගේ යාලුවෙක් හම්බුනාමයි."

ඇස් දෙකත් චූටි කරන් බනී හිනාවක් දාගෙන මින්සු කියද්දී ජූන්ට මතක් උනේ ජන්කුක්ගේ බනී හිනාව.

"වෙනස් නෑ ඔයාගේ හිනාව එයාගේ වගේමයි."

"අහ්....."

ජූන් හිමින් කියද්දී මින්සු හිනාව නවත්තලා ප්‍රශ්නාර්ත බැල්මකින් ජූන් දිහා බලන් ඇහුවා.

"අනී....ඔයා හැමදාම ඇවිත් නේද...."

කතාව වෙන පැත්තකට හරවන්න ජූන් ඇහුවේ චෙරි ගහේ ගැට ගහලා තිබ්බ පාට පාට රිබන් ටික දිහා බලන්.

"ම්ම්ම්හ්....ඔයත්...."

මින්සු කිව්වේ ජූන් සොහොන උඩින් තියලා තියෙන ලිලී මල් පොකුර දිහා බලන්

"මට එයාව ගොඩක් මතක් වෙනවා.ඕනම කාලේ මට එයා ළගින් ඉන්න පුලුවන් උනේ නෑ."

Peace  Of Mind [PJM]Where stories live. Discover now