09.අහඹුවක්ද

27 4 0
                                    

මින්සු අද නැගිට්ටෙ වෙනදටත් වඩා උද්‍යෝගයෙන්.අද තමයි ජූන් එයාව එක්කන් යනවා කිව්වේ එක තැනකට. ඒකත් සුමීගේ හීනෙ හැබෑ කරන්න.සැහැල්ලු ඇදුමක් දා ගත්ත මින්සු සින්දුවක් මුමුණන ගමන් කාමරෙන් එලියට එනවත් එක්කම තමයි ජිමිනුත් කාමරෙන් එලියට ආවේ.

ඇස් දෙක නොපෙනෙන තරමට නලලට වැටුන කොන්ඩෙට යටින් එක අතකින් ඇස් දෙක මිරික ගන්න ගමන් තාමත් බාගෙට නිදි මතේ හිටපු කොල්ලව දැක්කම මින්සුගේ හිත ගොඩාක් ඈත අතීතයකට ගියා.එයා මටත් කරන්න අකමැතිම කාලෙකට.

ටිකක් වෙලා මූනට මූන බලන් හිටපු මින්සු ඉක්මනට පහලට ගියේ ජිමින් මින්සු යන දිහා නිදි මතේම බලන් ඉන්නකොට

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


ටිකක් වෙලා මූනට මූන බලන් හිටපු මින්සු ඉක්මනට පහලට ගියේ ජිමින් මින්සු යන දිහා නිදි මතේම බලන් ඉන්නකොට.ජිමින්ට මතක ඊයේ ටිකක් වැඩිපුර ඩ්‍රින්ක්ස් ගත්ත එක විතරයි.එයා ඇදට ආවේ කෝමද කියලා කොල්ලට  මතක නෑ.

"සමහරවිට ජංකුක් එක්කන් ඉන්න ඇති"

එහෙම හිත හිත නිදි මතේම පහල ගිය ජිමින් දැක්කේ වටයක් කැරකිලා පාරට දුවන මින්සුව.කෙල්ලගේ වැඩ වලට ජිමින්ගේ මූණේ හිනාවක් ගියේ ඉබේමයි.

"යාහ්....හොල්මනක් වගේ තමුසේ මොකද උදේ පාන්දර මෙහෙ කරන්නේ.ඒකත් නිදි ඇදුමෙම්ම"

පහලට බැහැගෙන එක ජංකුක් දැක්කේ තාමත් නිදිමතේ දොර දිහා බලන් ඉන්න ජිමින්ව.

"ඇයි හියුන්ග් නෙමෙයිද මාව එක්කන් ආවේ."

"උබ ඊයෙත් මොකාද වගේ බීව්වද?"

ෆ්‍රිජ් එකෙන් එයාගේ බනානා මිල්ක් එක ගන්න ගමන් ජංකුක් කටත් ඇද කරන් අහද්දී බිම බලා ගත්ත ජිමින්බෙල්ල කසා ගත්තා.ජිමින්ට උන දේවල් මතක නැත්තේ ඒම වෙලාවට තමයි කියලා ජංකුක් හොදටම දන්නවා.

Peace  Of Mind [PJM]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin