0023

2.2K 472 79
                                    


..

..

..

..

..

..

..

..කෝ අනේ...

තීනු මේ ඉන්නෙ මිදෙල්ල ගහ යට බංකුවට වෙලා වාඩිගෙන...පාඩම් කරන්න කියලා ගත්තු පොතක් අතේ තිබුනට මොකද තීනුගෙ ඇස් සැරින් සැරේම ගිහින් නතර උනේ ගේට්ටුව ගාව....සිත්රුගෙන් නෝට් එක ඉල්ලන් සම්පූර්න කරගත්තු සිංහල පොත දිහාත් එකපාරක් බලලා ආයෙම ගේට්ටුව දිහා බලනවා.....ගේට්ටුව දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඔන්න අතේ පොතක් තියෙනව කියලා මතක් වෙනවා..එයා ගෙදර ඇවිත් නාලා ඇදුමක් මාරු කරගෙනත් ඉවරයි...දහය හමාරටත් නොකාපු නිසා ආපු ගමන් බිත්තරයක් එක්ක බත් කාපු කොල්ලා මේ දැන් බලන් ඉන්නෙ ධතාශ් එනකම්...එයා ගේනවා කිව්ව බූන්දි කන්න බලන්...

ඒ උනාට කඩේ බූන්දි ඉවරද දන්නෑනේ....

තීනු පොතදිහා බලාගෙනම හිතන්නෙ ඒක...ගියෙ සයිකලේ නම් ඕක ගේන්න ඔච්චර වෙලා යන්නෙ නැනේ..ඉක්මනටම අරගෙන ආවෑකිනෙ...අනික කඩේ බූන්දි තිබ්බෙ නැතත් එයාට පුළුවන් නෙ නෑ කියලා ඇවිල්ලා කියන්න...බොරු බලාපොරොත්තු දෙන්න ඕන නෑනේ...තීනු බලන් ඉන්නවා කියලා දන්නවනේ.....

එයා ගේට්ටුව පැත්තට රැවුවා....රවාගෙනම පොතදිහාත් බැලුවා..සීයාඅත්ත හැමවෙලාවෙම දිග ඇරන් ඉන්න පොත අදත් ඉස්තෝප්පූවට වෙලා දිග ඇරන් ඉද්දි.තීනු ඒ දිහාවත් බලලා හොරාවට හංගන් ආව පොතක් එලියට ගත්තා.....පිටු එකසිය විස්සෙ CR පොතක්.....පිටකවරක්...නම ගම මේ මොකුත් නෑ...ඒත් එයා දන්නවා පොතේ අයිතිකාරයා කවුද කියන්න...ඕනාවට එපාවට ලියපු වැල් අකුරු ...සටහන්වලට වඩා හිස්තැන් පිරුනු ඒ පොත කෙනෙක්ට අමතක වෙලා තීනුගෙ බෑග් එකට දාලා ගිය.පොතක් වෙද්දි...එයා ආයෙ ආයෙ පොතේ පිටු පෙරලල බැලුවා

මාස එකහමාරක් පරක්කු වෙලා කලා විශයට ආපු තීනුගෙ සටහන් පොත් පරන ළමයෙක් හා සමානව හොදට සම්පූර්න වෙලා තිබුනත්...ධතාශ්ගේ සිංහලද,භූගෝලය ද කියලා නොදන්න හැම සටහනක්ම එක ගොඩේ ලියපු පොතේ තිබුනෙම අපිලිවෙල නොසැලකිල්ල විතරයි...අත් අකුරුවල ලස්සනක් තිබුනත්..පෙනුනෙම ඕනාවට එපාවට ලියලා දාලා වගේ....තනි නිල් පෑනකින් ලියපු..මාතෘකාවකට ඉරක්වත් ගහපු නැති....නර්ස් කෙනෙක්ට විතරක් කියවන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක්ගෙ තුන්ඩුවක් වගේ ධතාශ්ගේ පොත..හරිම අගෙයි...

🍁නූශ්🍁Where stories live. Discover now