0064

2.1K 423 178
                                    


..


..
..

මිනිස්සු හැමදාමත් එකම විදිහට ඉන්නෙ නෑ..බාහිර රූපය වගේම සිතුවිලිත් ගති පැවතුම්ත් කාලයත් එක්ක වෙනස් වෙලා යන්නෙ හිතාගන්නවත් බැරි විදිහට.....සමහර වෙනස්වීම් අයහපත් අතට උනත් වටින්නෙම යහපත් අතට වෙන වෙනස්විම්මයි...

කැඩුණු හාල්වලින් උයාපු දුම් දාන සුදු බත් එක්ක මිරිසට හදපු පරිප්පු හොද්දක්...මදි පාඩුකම් බොහොම උනත් බත් පිගානෙ හිස්තැන් මකන්න ලූනු පලුවක් එක්ක අමු කොච්චි කරලක්.....

..මං ගිහින් බිත්තරයක් අරන් එන්නද..

පිඟන් අටකට බත් පත වෙන්වෙද්දිම ධතාශ් තීනුගෙන් ඇහුවෙ ඒක.....බට්ටි ඇරුනාම නිවුන්නුන්ගෙ පවා බත් පතට ලූනු පලුවක් එකතු වෙලා තිබුනත් තීනුට පුරුදු නෑ හොදි මාලුපිනිවල අඩුපාඩු හැදෙන තැනකදි එ හිස්තැන ලූනු පලුවකින් හරි කොච්චි කරලකින් හරි පුරවගන්න....මාලුපිනි තුන හතරක් එක්ක බිත්තරයක් අනිවාර්‍ය උනු බත් පතකට පුරුදු වෙලා හිටිය තීනුට ලෙසි උනෙ නැ කීයටවත් පරිප්පු හොද්දක් එක්ක විතරක් වේලකට බඩ පුරවගන්න...

ධතාශ් අහනවා කඩේට ගිහින් බිත්තරයක් ගෙනත් දෙන්නද කියලා.....අද අම්මටවත් වැඩපලෙන් ඉතුරු වෙන හොදි මාලුපිනි ලැබිලා තිබුනෙ නැතිකොට ජීවිතේ පලවෙනි වතාවට තීනුගෙ බත් පත එකම එක ව්‍යංජනයක් විතරක් එකතු වෙලා තිබුනා......ඒ බව දැන දැනම උනත් තීනුගෙ ඇස් කැරකුනේ බිම පැදුරක් දාගෙන දනිස් උඩින් ප්ලාස්ටික් පිගානක් තියාගෙන පොඩියට කටවල් කන චූටි කෙල්ල ළඟ.......පරිප්පුයි බතුයි විතරමයි.....ඒ කෙලි පැටික්කිට විතරක් දෙන්න කියලා හරි ගෙදර හරියේ පපඩම් පැකට් එකක්වත් තිබුනෙ නැති වෙද්දි...අප්පච්චි කඩේ දැක දැක ආපහු හැරිලා ඇවිත් තිබුනෙ ණය පොතේ පුරවන්න තවත් හිස් පිටු නැති තැනමයි...

..එපා...

..එපා කියන්නෙ ඇයි මං ගෙනත් දෙන්නම් තාම කඩේ වහලා නැතුව ඇති..

..ඒ උනාට ඕන නෑ..

..එක හොද්දකුයි බතුයි අපිට හුරු උනාට ඔය අත්වලට හුරු නෑනේද ම්ම්....එපා කිව්වට පිගාන වැහෙන්න මාලු පිනි බෙදාගත්තු මේ අත්වලම අද පාලුවට ගිය බත් පතක් දකිද්දි මගෙයි පපුව හෝස් ගාලා යන්නේ වස්තුව.....

🍁නූශ්🍁Where stories live. Discover now