0102

1.6K 280 70
                                    


.
.
.


    වැවත් එක්කම එක්කහු උනු කැලෑ රොදක්....ඒ කැලෑ රොද එක්කම හාමු උනු හුරුපුරුදු බිම් කඩක්....තීනු ඇස් දෙක ලොකු කරගෙන බැලුවේ එයාට පේන එක යායට විහිදුනු වගාබිම දිහා....



..මේ කොහෙද යන්නෙ දතාස්..

..හේනට....

..හේනට ඇයි...අපි ගෙදර නෙවේද යන්නේ..

..ඇයි චූටි වස්තුවට ගෙදර යන්න ඕනද...

..නෑනේ....

..එහෙනම්..!..


   ධතාශ් ඒක නම් ඇහුවෙ කටහඩ ටිකක් තද කරලා...මූනටම පෙන්න රවන්න බැරි නිසාම තීනු එයාගෙම කට ඇද කරගෙන ධතාශ් බෙල්ල අස්සට මූන ගහගත්තා....නපුරෙක් වෙලා..මහ ඕන්නෑ වෙලාවකට....



    බඩ ඉරිගු යාය පහු කරගෙන ආව ධතාශ් කරේ එල්ලිලා හිටිය වදුරු පැටියව බිමින් තිබ්බේ පැල ලගට ආවට පස්සෙයි...එක්ක යන්නම් කියලා කිව්වට මොකෝ කවදාවත් එක්ක යන්න බැරි උනු හේනෙ පැල ඒ තීනු දකින පලවෙනි වතාව වෙද්දි...එයා නම් බලන් හිටියේ ඇකිලිලා ගිය ඇදුම ගැන ගානක්වත් ඇතුව...ඇබිති කට ලොකු කරන් මූනත් උස්සන් ගස් දෙබලක බැදුනු පැල දිහා බලද්දි මොන සිහියක්ද....දැක්කත් නොදැක්කත් ධතාශ් තීනුට රවාගෙනම ඒ ඇකිලිලා ගිය ඇදිවත් උරහිසෙන් පලහට කඩා හැලෙන්න නොදී උඩට අරන් දාලා කකුල් වැහිලා යන්නත් පහලට ඇද්දා...සිවිල් පිට ඉන්නෙ කියලා ගානක්වත් නැතුව හතර අතේ කැරකෙද්දි පුදුම තරම් ඉවසීමකින් ධතාශ් ඒ ඇකිලිලා යන ඇදුම ආපිට හැදුවා.....



..මේහ් හලෝ..

..දගලන්නෙ  නැතුව කතා කරපන්..!..

..ම්හ්..අහන්නකෝ අහන්නකො...මේක හරි ලොකුයිනේ....ලොකුම ලොකුයිනේ....මේ මුලු කැලෑවම ඔයාලගෙද හලෝ..

..කැලෑව නෙවෙයි මේක හේන...!..චූටි වස්තුව මේ හේනට ලොකුයි කියන්නෙ වෙන හේන් දැකලා නැති නිසා....බාගයක් අයිති අප්පච්චිට ඉතුරු බාගෙ අයිති ස්කෝලෙ සීයට...

..සියට...මේ මේ අපේ සීයට....

..හ්ම්..මේක එයාගෙ ඉඩමක්....අපි වගා කරන එක විතරයි කරන්නේ.  අස්වැන්න හම්බුනාම බාගයක් එයාට බාගයක් අපිට....

🍁නූශ්🍁Where stories live. Discover now