I Missed You

133 23 4
                                    

දීර්ඝ වගේම වෙහෙසකර දිනයකට පස්සේ යීබෝ ආයෙම එයාගේ ගෙදරට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දීර්ඝ වගේම වෙහෙසකර දිනයකට පස්සේ යීබෝ ආයෙම එයාගේ ගෙදරට ආවා. එයා සෝෆා එකේ වාඩි වෙලා එයාගේ ලැප්ටොප් එක දිග ඇර ගත්තා.හදිස්සියේම ආපු මැසේජ් එකක් නිසා යීබෝට නම් එයාගේ ඇස් අදහ ගන්න බැරුව ගියා.

"අපිට ආයම හම්බවෙන්න පුලුවන්ද බෝ දී? මට ඔයා නැතිව හුගක් පාලුයි"

මේක ඇත්තක්ද? එයා මෙච්චර කාලයක් දකින්න උවමනාවෙන් හිටපු මනුස්සයා ආයෙමත් එයාව බලන්න ඕන කියලා කිව්වා. පහුගිය "The Untamed " ෆෑන් මීටීන් එකෙන් පස්සේ මේ දෙන්නාට පුද්ගලිකව හම්බෙලා කතා බහ කරන්න චාන්ස් එකක් නම් ලැබුනේ නැහැ. යීබෝ නං හිතුවේ චාන්ට එයාව අමතක වෙලා ඇති කියලා. මොකද විශේෂයෙන්ම කියනවා නම් මේ දවස්වල එයාට සැහෙන්න නරක දේවල් සිද්ධ වෙනවා වගේම එයාගේ නමට අපකීර්තියක් වෙන සිදුවීම් කීපයකුත් සිද්ධ වෙලා තිබුනා. යීබෝට එයා වෙනුවෙන් කතා කරන්නවත් අවස්තාවක් ලැබුනේ නැ.

යීබෝ තමන්ට ආව මැසේජ් එකට ඉක්මනට රිප්ලයි එකක් දාලා ක්ශනිකවම ලේස්ති වෙන්න පටන් ගත්තා. මේ දෙන්නා හමුවෙන්න යොදාගෙන තිබුනේ නගරයෙන් පිටත නිශ්ශබ්ද තැනක තියන පොඩි කැෆේ එකක්. මුලින්ම කැෆේ එකට ආවේ යීබෝ. එයා චාන් එනකල් කැෆේ එකේ දොර දිහා නොනවත්වාම සැරින් සැරේ බලන්න ගත්තා. කොච්චර නොඉවසිල්ලෙන් හිටියාද කියනවා නම් එයාට එයාවත් කන්ට්‍රෝල් නැති වෙලා යන තරමේ හදිසියක් තමා තිබුනේ චාන්ව බලාගන්න. අවසානෙදි චාන් කැෆේ එකට ආවා. චාන් එයාගේ හා දත් දෙකත් පෙන්නලා ලස්සන හිනාවක් යීබෝට දුන්නා. යීබෝ නැගිටලා චාන් ලගට දුවගෙන ගියා. දෙන්නම හැන්ඩ් ශේක් කරද්දි ඒ අත්වලින් දැනුන පහසට දෙන්නාගෙන ශරිරයන් අමුතු උනුසුමකින් පිරිලා ගියා.

One Night Stand Or (Sinhala Translation)Where stories live. Discover now