💮EPISODE 22💮

200 36 52
                                    

" ඔව් ඩොක්ටර් අනේ ප්ලීස් කියන්කෝ..."

ටික වෙලාවක් බලන් හිටපු ඩොක්ටර් ජිමින් දිහා බලාගෙනම කතා කරන්න පටන් ගත්තා...

" Congratulations ඒ දරුවා ප්‍රෙග්නට් වෙලා දැන් සතියක් විතර වෙනවා..."

" දෙයියනේ...."

ජියා සතුටු කදුළු පුරවගෙන මිස්ට පාක්ගෙ අතේ එල්ලෙද්දි ඔහු ඇයට හිනා වෙලා ආයෙ ඩොක්ටර් දිහා බැලුවා...

" මම හිතන්නෙ එයා ටිකක් දුර්වලයි පුළුවන් තරම් එයාව සතුටින් තියන්න කායිකව වගේම මානසික සුවයත් මේ වෙලාවෙ ගොඩක් වැදගත් මම විටමින් ලියලා දෙන්නම් ඒවා අරගන්න..."

" ඩොක්ටර් අපි ඇතුල්ට ගියාට කමක් නැද්ද.."

ජිමින් අහද්දි ඩොක්‍ටර් ඔහු දිහා හිනා වෙලා බැලුවා..

" ඇහුවට තරහා වෙන්න එපා මිස්ට පාක් ජිමින්ගෙ ෆියොන්සෙද මේ ඉන්නෙ.."

" අනී ඩොක්ටර් මේ මගේ කසීන් හ්‍යුන්ගෙ වයිෆ්..."

"ඔහ් ගෝඩ් එතකොට මේ දරුවගෙ හස්බන්ඩ් කෝ..."

" හ්‍යුන් වැදගත් වැඩකට රටින් පිට ගිහින් ඉන්නෙ ඩොක්ටර් ..."

" ඕහ් ඒකත් එහෙමද හරි එහෙනම් ඔයාලා ඇතුල්ට යන්නකො මිස්ට පාක් ඔයාට පුළුවන්ද මාත් එක්ක එන්න..."

ඩොක්ටර් එතනින් යන්න යද්දි මිස්ට පාකුත් ඒ පස්සෙන් ගියා ඒ එක්කම ජියා ජිමින් දෙන්නා සියෝනා හිටපු රූම් එක ඇතුළට යද්දිත් ඇය හිටියෙ සැප නින්දක ජියා ගිහින් සියෝනා ළඟින් වාඩි වෙලා ඇගේ ඔළුව පිරිමදින්න ගත්තා...

" ෆයිනලී මාම් අපිට චූටි යුන්ගි බබෙක් හම්බෙන්නයි යන්නෙ හ්‍යුන් මේක දැනගත්තොත් පිස්සු හැදෙයි...'

" අනේ මට කියාගන්න බැරි සතුටක් තියන්නෙ ජිමින් මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක් මම බලාපොරොත්තු වුණේ නෑ දෙයියනේ..."

ජියා සතුටින් සියෝනාගෙ නලලින් හාදුවක් තියද්දි ජිමින් ඇය දිහා බලාගෙන ටික වෙලාවක් කල්පනාවට වැටුණා...

" පුතා දැන් තමයි අපි පරිස්සම් වෙන්න ඕනෙ සියෝනාව ආරක්ෂා කරගන්න ඕනෙ මේ ඉපදෙන්න ඉන්න දරුවා අපිට කොච්චර වටිනවද කියලා ඔයා දන්නවනෙ රාජකීය ලේ සියෝනට ඉස්සරහට ගොඩක් අමාරු වෙයි අපි එයාව ආරක්ෂා කරමු..."

👑~𝐿𝒪𝒱𝐸 𝐿𝐸𝒯𝒯𝐸𝑅~👑 ( completed )Where stories live. Discover now