💮EPISODE 26💮

225 38 58
                                    

රැජින හිටියෙ ගොඩක් කලබලෙන් ඇය හිටියෙ යුන්ගි එක්ක ගොඩක් කේන්තියෙන් මෙච්චර තේරෙන වයසක ඉදලත් යුන්ගි මෙහෙම ආවට ගියාට දේවල් කරයි කියලා ඇය කවදාවත් හිතුවෙ නෑ යුන්ගිගෙ අප්පයි ග්‍රෑන්ඩ් මා යි මේ දේවල් දැනගත්තොත් වෙන විනාශය ගැන සෝහා හොදින්ම දැනන් හිටියා....

" ඔන්නි ප්ලීස් කලබල කරන්න එපා සියෝනා කියන්නෙ ගොඩක් අහිංසක ගෑණු දරුවෙක් ඒ නිසා බොහොම පරිස්සමින්.."

" ජියා මේවට ඔයයි පාකුයිත් වග කියන්න ඕනෙ මාලිගාවෙ තත්වෙ හොදටම දැන දැනත් ඇයි යුන්ගිට ඕන ඕන දේවල් කරන්න ඔයාලා ඉඩ දුන්නෙ "

" මට යූන්ගෙ සතුට වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් ඔන්නි මොකද ඒ ළමයා පුංචි කාලෙ ඉදන් ගොඩක් දුක් වින්දා මම ඒ දේවල් ඇස් දෙකෙන්ම දැක්කා මම අපේ ජිමින්ටත් වඩා යූන් ගැන කරදර වෙනවා ඔන්නි..."

ජියා කියද්දි රූම් එක පුරා තරහෙන් ඇවිදිමින් හිටපු රැජින සෝහා ඇය දිහා බලලා රැව්වා. යුන්ගි සියෝනා ඇතුළු පිරිස කොරියාවට ආවෙ ඊයෙ හැන්දෑවෙ ඊට පහුවදාම පාක් ෆැමිලි එකත් කොරියාවට ආවෙ ජිමිනුත් කොරියාවට ආපු නිසා ජියා බය වුණා සෝහා ගිහින් සියෝනා ඉස්සරහ කලබල කරලා ඇයගෙ හිත රිද්දයි කියලා ඒ නිසයි කොරියාවට ආපු ගමන් ඇය රැජිනව හොයාගෙන මාලිගාවට ආවෙ...

" බලන්න යුන්ගිට තවත් ලැජ්ජා නෑ තාම මාලිගාවට ආවෙ නෑ මව් රැජිනටයි සියොල්ටයි මම කිව්වා එයා ජිමින් එක්ක බිස්නස් වැඩ වගේකට ආපු ගමන් දුර ගියා කියලා මෙච්චර දෙයක් වෙලත් තාමත් අර කෙල්ලගෙ රෙද්ද අස්සෙ රිංගන් ඇති...."

" ඔන්නි යූන්ට මුකුත් කියන්න එපා ඔයා දැන් සියෝනා බලන්න ගිහාම හැමදේම තේරෙයි එතකන් කලබල නොවී ඉන්න.."

" දැන් ඔය කෙල්ලට පවුලෙ අය නැත්තම් කොහෙද ඉන්නෙ..."

" දැනට ඉන්නෙ අපේ මැන්ශන් එකේ..."

" දැනට..."

එහෙම කියන ගමන් සෝහා ඇස් හකුලලා කුතුහලෙන් ජියා දිහා බැලුවා...

" අනී මම දන් නෑ යූන් කියන දෙයක් තමයි ඔයාලා මොනා කිව්වත් දැන් සියෝනා කියන්නෙ යුන්ගිගෙ වයිෆ්..."

👑~𝐿𝒪𝒱𝐸 𝐿𝐸𝒯𝒯𝐸𝑅~👑 ( completed )Wo Geschichten leben. Entdecke jetzt