#3

215 36 31
                                    

ඔලුවෙන් දැනිච්ච තදබල වේදනාවත් එක්ක එකපාරම දාඩියත් පෙරාගන ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුනා...

ඇහැරිලා වට පිට බලද්දි එයා ඉදියේ බෙඩ් රූම් එකක...

එකපාරම ඔලුවට මතක් වෙනවා එක්කම.ජන්ග්කුක් ඇදෙන් පැනලා එලියට දුවන්න හැදුවේ...ජන්ග්කුක් දොර ලගට දුවගන යනකොටම තේයොං දොරෙන් ඇතුලට ආවා...

"ආහ්...ඔයා නැගිට්ටද මෙන්න මන් ඔයාට සුප් එකකුයි ඔයාගේ බනානා මිල්ක්ශේක් එකයි ගෙනාවා.."

තේයොං හිනා වෙන ගමන් ජන්ග්කුක් ලගට ලං උනා...
ජන්ග්කුක් තේයොං දිහා ගැහි ගැහී වචන පටලන ගමන් පස්සෙන් පස්සට යන්න ගත්තා...
තේයොංගේ ඇස් දෙක දිහා බය උන ඇස් දෙකකින් බලන ගමන්

"ප....හල මිනියක් තිබ්බා....ලේ තිබ්බ...."

"මොනාද ඔයා කියන්නේ මේ"

ජන්ග්කුක් තේයොං ලගට එන ගානේ පස්සෙන් පස්සට යනගමන් කියවන්න ගත්තා...
තේයොං ජන්ග්කුක්ගේ ඔලුවට අත තියන්න හදද්දි...
තේයොං දිහා ඇස් දෙක ලොකු කරන් බයෙන් බලන්

"ඔයා ලගට එන්න එපා....යනවා අහකට...මට කරදර කරන්න එපා..."

අත අහකට ගන්න ගමන්..වේගෙන් පිටිපස්සෙන් පිටිපස්සට යන්න ගත්තා

"ඔයා මිනීමරුවෙක් මන් දැක්කා..."

ජන්ග්කුක් එකපාරම තේයොංගෙන් ඈත් වෙන ගමන් කාමරේ දොරෙන් පහලට දුවගන ගියා ඒත් එක්කම තේයොං උඩ පඩිපෙලේ ජන්ග්කුක් දුවන දිහා බලාගන..

"ඒනම් මතකයි නේද...."

කියන ගමන් ඔලුව පාත් කරන් ඉස්සරහා බලන් කට ඇද කරලා හිනා වෙන ගමන් ඒ හිනාවෙන්ම සන්සුන්ව පහලට බහින්න ගත්තේ...
නොසන්සුන්ව ඇවිදින ජන්ග්කුක් දිහා බලන්මයි..

බේස්මන්ට් එකේ දොර ඇරගන පහලට දුවපු ජන්ග්කුක් දිහා බලාගන තේයොං ඒ පස්සෙන් බේස්මන්ට් එකට ආවා
ජන්ග්කුක් කටත් ඇරගන බේස්මන්ට් එක දිහා බලන් ඉන්නවා...
ඒ දිහා බලාගන නොපෙනෙන්න හිනාවක් ගත්ත තේයොං ජන්ග්කුක්ට සමාන්තරව එහා පැත්තෙ ජන්ග්කුක් බලන් ඉන්න බේස්මන්ට් එක දිහා බලන් හිටගත්තා

"කොහොමද මෙහෙම උනේ..."

"කොහොමද..."

ජන්කුක් දිහා බලන් සෙල්ලක්කාර විදියට අහද්දි

phycho panther (Taekook)[ongoing]Where stories live. Discover now