#4

208 35 44
                                    

මිනිස්සු ටික තේයොංනුයි ජන්ග්කුක්ගෙයි පැත්තට හැරිලා නතර උනා.
ඒත් එක්කම ජන්ග්කුක්ව අතෙන් පිටිපස්සට කල තේයොං ඔලුව උස්සලා මුලින්ම ඉන්න මිනිහා දිහා බැලුවා...ආපහු ජන්කුක් දිහා ඇස් කොනෙන් බලලා ඔලුව කෙලින් කරගත්තම ඉස්සරහ ඉදපු මිනිහා තේයොං දිහා බැලුවේ අවසර ඉල්ලන්න වගේ..
තේයොං ඇස් දෙක වහලා අරිනවත් එක්කම..

"අල්ලපන් මූව..ආර්..."

ආපු උන් ටික දුවන් එද්දිම තේයොං ගහන්න හිට ගනිද්දි ජන්ග්කුක් තේයොං ව අදින ගමන්

"ඔයාට බෑ මෙච්චර ගොඩකට ගහන්න අපි දුවමු....එන්න ඉතින්"

ජන්කුක් තේයොංගේ පිටිපස්ස බලන ගමන් කලබලෙන් අතෙන් අදිද්දි තේයොං දුවන්න හැදුවේ ඒත් එක්කම එහා පැත්තෙනුත් වට කර ගත්තා..

"ඕකව තියලා යන්න පුලුවන්.."

මිනිහෙක් කියද්දි ජන්ග්කුක්ව තද කරලා අල්ල ගන්න ගමන්

"මන් බෑ කිව්වොත්.."

තේයොං කට කොනෙන් හිනාවක් දාන් ඇස් දෙක ලොකු කරන් බය වෙලා ඉන්න ජන්ග්කුක් දිහා බලන් කිව්වා..

අරුන් ටික හිනා වෙන ගමන් ඉස්සරහට එද්දි තේයොං ජන්ග්කුක් කවර් වෙන්න ෆයිට් කරන්න ගත්තා...

ටිකක් වෙලා ගහගන්න අතරේ මිනිහෙක් තේයොං දිහා බලන්ම පිහියක් අරන් ජන්ග්කුක් පැත්ත්ට ඇවිදන් ගියා..
ඒත් එක්කම අනිත් උන් ඈත් වෙද්දි මිනිහා දිහා බලන් ඉදපු තේයොං එකපාරම දුවලා ගිහින් ජන්ග්කුක්ව බදාගන්නවා එක්කම

චකස්...චකස්..

අර මිනිහා දෙපාරක්ම ඇනගග ඇනගන ගියා තේයොංගේ පපුවට තද වෙලා තියෙද්දිම එකපාරම ජන්කුක්ට දැනුනේ එයාගේ බඩ හරියෙන් ශර්ට් එක එන්න එන්නම තෙත් වෙනවා වගේ...
හිමීට අත ගාලා අත අරන් ඇස් කොනෙන් දැක්කේ අතේ ලේ තියෙනවා ඒක දැක්ක ගමන් සීතල වෙලා යද්දි ජන්කුක් ඔලුව උස්සලා තේයොං දිහා බැලුවාම තේයොං ඇස් දෙකත් තද කරන් ජන්ග්කුක්ව බාදගන ඉන්නවා..

"මේ.....ලේ...ඔ...ඔයාගෙද..."

ජන්කුක් අහද්දි ඇස් දෙක හිමීට අරිනවත් එක්කම පිටිපස්සෙන් තේයොංට ගහන්න පටන් ගත්තා හැම පාරක්ම තමන්ට වදිද්දි එන්න එන්නම ලේ යද්දි තේයොං ගහන්නවත් පන නැතිව ගියා..
තේයොං ජන්ග්කුක්ව කවර් කරන ගමන් ඉද්දි..

phycho panther (Taekook)[ongoing]Where stories live. Discover now