තව ටිකක් වෙලා Mr.මංචනායක එක්ක කතා කර කර හිටිය ටෙරාන් Reception එකට ගියේ සිතූ අක්කල ඉන්න කොහෙද කියලා හොයාගන්න. Lunch time නිසා දැන් කට්ටිය dinning Area එකේ කිව්ව Reception girl dinning area එකට යන විදිය කිව්වම ටෙරාන් අක්කලා හොයාගෙන ඒ පැත්තට ගියා. Room එක පිරෙන්න තිබ්බ ලොකු මේසෙක වට වෙලා කන කට්ටිය දැක්කම ටෙරාන් හිනාවක් දාගෙන සිතූ අක්කා ගාවට ගියා."අක්කේ..."
"අහ් සුදූ කොයි වෙලේද ආවේ? Interview එක මොකෝ වුණේ?"
"ඇයි අනේ මන් ඔයාට msg එකක් දැම්මේ..."
"දැක්කේ නෑ සුදූ උදේ ඉදන්ම පට්ට busy.ඉදගන්නවකෝ මෙතනින්. බත් කටක් කවන්නද?"
අහන පරක්කුවට ටෙරාන් කට ඇරියා.
"ආ..."
"ඉතින් කියන්නකෝ මොකෝ උනේ සර් මොකද කිව්වේ?"
"ඉන්ටව් පාස් හලෝ. අපිට ඉතින් ඕව nothing නේ."
"අහ් මරු මරු. කොහොමත් ඔයා එන්න කලින්ම මන් දන්නවා ඔයාට job එක ලැබෙනවා කියලා."
"ඈ.. ඒ කොහොමද ?"
"සර්ට ඕන වුණේ තරුණ කෙනෙක් අනිත් එක ඔතන හොරකන් ගොඩක් වෙන්න පුළුවන් තැනක් නිසා හොරකමක් කරගන්න වත් මොලේ නැතිඑකෙක් තමා ඕන වුණේ."
"අනේ මේ..."
ඒ කතාවට හිත රිදුනු ටෙරාන් අක්කට රවල අහක බලාගත්තා.
"කෝ කෝ ඉක්මනට කනවා. මට හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ..."
"මට ඕන්නෑ..."
"විහිලුවක් කරේ සුදූ කනවකෝ."
"මේ කවුද සිතුමිණී අලුත් මූණක්?"
රණ්ඩු අල්ල අල්ල ඉන්න අක්ක මල්ලි දෙන්නගෙ එහා පැත්තෙන් ඇවිත් ඉදගත්තේ company එකේම අවුරුදු 4ක් තිස්සේ වැඩ කරන ෂෙනෙලි.
"අපේ පුංචිගේ පුතා ෂෙනෙලි. මන් කිව්වේ අද interview එනවා කියලා."
"අහ් සුදූ ඔයාට site එකේ වැඩ කරන්න තියෙන්නේ ෂෙනෙලි අක්කත් එක්ක."
ඒක ඇහුන ගමන් ටෙරාන් දත් තිස් දෙකම පෙන්නලා ෂෙනලි එක්ක හිනා වුණා.
"හෙන හුරතල් නේ අනේ මෙයා. මන් ඒත් හිත හිත හිටියේ අලුත් තැන මොන ජාතියෙ එකෙක් සෙට් වෙයිද කියලා. මල්ලි බබෙක් නිසා දැන් අව්ලක් නෑ. "
YOU ARE READING
✅ අභිරන් 🌹 | Sinhala BL
Non-Fictionමට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08 Cover credit goes to :- Lochi_Jeon