58 🌹

3.5K 322 316
                                    


" පොඩී... "

Hospital එකට ආව මංචනායක අභිත්ගේ room එක ගාවට එද්දි එළියේ sofa එකේ ඉදගෙන ඉන්න ටෙරාන්ව දැකලා එතනට ඇවිදගෙන ආවා. මංචනායක කතා කරනවා ඇහෙද්දි මෙච්චර වෙලා අත් දෙක අස්සේ මූණ ඔබන් හිටිය ටෙරාන් ඔළුව උස්සලා මංචනායක දිහා බැලුවා.

" අප්පච්චි. "

ටෙරාන්ගේ පිටට තට්ටුවක් දාගෙනම මංචනායක ටෙරාන්ගේ එහා පැත්තෙන් වාඩි වුණා.

" අභීට මොකද ?"

" ලොකු අමාරුවක් නෑ අප්පච්චි. තුවාලෙට බෙහෙත් දාලා ශෝල්ඩර් එකට ප්ලාස්ටර් එකක් දැම්මා. දැන් ටිකකට කලින් නිදාගත්තා."

" ඔයා මොකෝ මේ එළියේ ?"

" ඇතුළෙ කට්ටිය. "

" කවුද කට්ටිය ?"

" මැඩම් , Mrs. සෙන් තව එයාගේ දුව. "

" අම්මා නිසා නොකියා බැරිකමට කිව්වේ.. ඔය ඔක්කොම එල්ලන් එයි කියලා දන්නව නන් නොකියම ඉන්නවා.. "

" අප්පච්චිත් ගිහින් බලලා එන්න."

" නිදිනන් ඉතින් පාඩුවෙ හිටපුවාවේ. ඇතුළෙ ඉන්න අයත් කොල්ලට පාඩුවෙ ඉන්න දුන්නොත් ඇති. "

" හ්ම්ම්... "

" පොඩී... මන් දැන් දවස් කීපයක් තිස්සෙම බලාගෙන. ඔය දෙන්නා අතර මුකුත් ප්‍රශ්නයක් ඇතිවුණාද ? "

" එහෙම මුකුත් නෑ අප්පච්චි. "

" ඉස්සර පොඩී ඔයා මා එක්ක ඔයාලගේ හැම පුංචි දෙයක්ම ශෙයාර් කරගත්තා. ඒත් දැන් ඔයයි අභියි දෙන්නම මගෙන් සෑහෙන ඈත් වෙලා වගේ. ඒ ගැන හිතද්දිත් මට දුකයි පුතේ. මේ හැම දේටම මුල අභිත්ගේ අම්මා. "

" හ්ම්ම්... "

" මිචෙල්ගෙයි අභීගෙයි Marrage එක සිද්ධ වෙන්න ඒ ළමයි දෙන්නම ඉඩ තියන් නෑ කියලා මට විශ්වාසයි පුතා. ඒ නිසා පුතා ඒ ගැන නම් දුක් වෙන්නේ , පුතාලා ඒ හේතුව මත නම් ප්‍රශ්න ඇති කරගන්නේ මන් අද ඔයාට වගකීමෙන් කියනවා පොඩී ඒ Marrage එක සිද්ධ වෙන්නේ නෑ.."

" හිත් කියන දේවල් වෙනස් වෙනවා අප්පච්චි. ඒ දෙන්නා ගොඩක් ළගින් ආස්‍රේ කරනවා. සමහර විට එයාලගේ හිත් වෙනස් වෙලා ඇති. "

✅ අභිරන් 🌹 | Sinhala BLحيث تعيش القصص. اكتشف الآن