ටෙරාන් අභිත් දෙන්නා වෙන් වෙලා දවස් 10ක් ගත වෙලා තිබුණා. මේ දවස් 10 ඇතුළත දෙන්නගෙම ජීවිත වල බොහොම නරක විදියෙ වෙනස්කම් ගොඩක් සිද්ධ වෙලා තිබුණා. දෙන්නම මානසිකව වගේම කායිකව ගොඩක් දුර්වල තත්වෙක හිටිය වගේම දෙන්නම එයාලගේ ජීවිත කාලෙටම ගත කරපු අමාරුම දවස් දහය ගත කරලා තිබුණා.
ටෙරාන් අභිත්ව අත ඇරලා දාලා ආව පළවෙනි දවසේ දවල් ඉදන්ම කොච්චර නිදාගන්න ට්රයි කරත් ටෙරාන්ට ඇස් දෙක පියා ගන්න බැරිවුණා. ඇස් දෙක පියාගත්ත ගමන් දෙන්නගෙ මතක ටෙරාන්ගේ මනස පුරා ඇදෙන්න ගනිද්දි ආයෙ ආයෙ එයාලගෙ මතක අස්සේ පීනන ගමන් ටෙරාන් ඇස් වල කදුළු හිදිලා යනකන්ම ඇඩුවා.
බැරිම තැන එයා අරන් ආව අභිත්ගේ ටී ෂර්ට් එකක් ඇද ගත්ත ටෙරාන් අභිත්ගේ සුවද එයා ළග තියාගෙන නිදාගන්න උත්සාහ කරා. ඒකෙනුත් තවත් හිත රිදෙන එකම විතරක් වෙද්දි අවසානෙ මහ රෑ කොට්ටෙයි බෙඩ්ශීට් එකයි අතට ගත්ත ටෙරාන් අම්මගේ කාමරේට ගිහින් අම්මගෙ එහා පැත්තෙන් ඇලවුණා. ටෙරාන් ඇදෙන් ඇලවෙද්දි නින්දෙන් නැගිට්ට අම්මා නින්දෙන්ම වගේ ටෙරාන්ගේ ඔළුව අතගාලා ටෙරාන්ව එයාට තුරුල් කරගත්තා. මේ විදියට දවස් දහයෙම යන්තන් අම්මට තුරුලු වෙන වෙලාවට විතරක් ටෙරාන්ට සුවදායක නින්දක් ලැබුණා.
ටෙරාන්ගේ නංගියි , මල්ලියි ටෙරාන් ගෙදර ආපු දවසට පහුවෙනිදම මල්ලි අදුරන Psychiatry කෙනෙක් ගාවට ටෙරාන්ව එක්කන් යන්න හැදුවත් එයාට ඇති පිස්සුවක් නෑ කියලා නංගි මල්ලි එක්ක රණ්ඩු කරපු ටෙරාන් ඒ ගමන මග ඇරියා. පස්සේ මල්ලි Doctor එක්ක කතා කරලා ටෙරාන්ගේ තත්ත්වේ පැහැදිලි කරලා ටෙරාන් වෙනුවෙන් එයාලට කරන්න පුළුවන් දේවල් ඇහුවා.
මල්ලිට තියන contacts දැකලා ජානු නන් මේ දවස් දෙකටම සෑහෙන surprise වෙලයි හිටියේ. Psychiatrist කෙනෙක්ව අදුරන්නේ කොහොමද කියලා ජානු අහද්දි දවසක් යාළුවෙක් එක්ක psychiatrist meet වෙන්න ගියා කියලා ජානුට කිව්ව මල්ලි එතනින් එහාට ජානු අහන ප්රශ්න නම් ඇහෙන් නැති ගාණට හිටියා.
පස්සේ doctor කිව්ව විදියටම ටෙරාන්ව කොයිම මොහොතකවත් තනි නොකර තියන්නත් , ටෙරාන්ට ලොකුවට කල්පනා ලෝක වල තනි වෙන්න ඉඩ නොදෙන්නත්, හැමවෙලේම ටෙරාන් සතුටු වෙන දේවල් කරන්නත් නංගී මල්ලී දෙන්නා උපරිම මහන්සි වුණා.
YOU ARE READING
✅ අභිරන් 🌹 | Sinhala BL
Non-Fictionමට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction #3 bl #2 sinhala #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08 Cover credit goes to :- KimSuuah