" මෙන්න දැන් ලැබුණු තවත් විශේෂ නිවේදනයක් !!
අදත් ප්‍රසිද්ධ කේපොප් තරුවක් රෙඩ් බැලූන් ඝාතකයා විසින් ඝාතනය කර ඇත..මෙලෙස ඝාතනය වී ඇත්තේ......"
.
.
👵 අභී....මන් දැන් කීපාරක් කතා කරාද ?? ගෙදර ඉන්න දවසෙවත් ඔය මගුල බදන් ඉන්නේ නැතුව අපිත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඉන්නවා !!
අම්මාගේ කෑ ගැහිල්ලත් එක්ක යූටියුබ් එකෙන් බල බල හිටපු පරණ වීඩියෝ එක පැත්තකින් තිබ්බ අභි කාමරෙන් එලියට ආවේ තව හිටියොත් බැනුම් අහන්න වෙන නිසායි..
ලෝකේ කොච්චර දියුණු උනත් අම්මා කියන්නේ ඉතින් අම්මාම තමයි !!
🤎 මොකද සුදු බෝලේ කෑ ගහන්නේ ??
👵 මගෙන් උදේ පාන්දර අහගන්නේ නැතුව මෙන්න මේ කිරි එක බොනවා !!
මේසෙ උඩ තිබුන කිරි එක දෙන ගමන් අභීගේ අම්මා කියනකොට අභි මූන හකුල ගත්තා..
🤎 ඔයා දන්නවද අම්මේ DNA වෙනස් කරලා හදන මේ වගේ කිරි ඇගට හොද නෑ කියලා ??
👵 එහෙනම් නොබී ඉන්නවා !!
අම්මා රවාගෙන කියනකොට කොච්චර අහිතකර උනත් උදේට නොබිව්වොත් ඇගට පනක් නොලැබෙන කිරි එක අභි එක උගුරට අභී බීලා දැම්මා..අම්මා මහන්සියෙන් හදලා දුන්න එකනේ..
👵 ගෙදර ඉන්න දවසෙත් ඔය හුචක්කුව බදාගෙන ඉන්නේ නැතුව ටැනීගේ බැට්රි එක පොඩ්ඩක් බලන්න..මට හිතෙන්නේ දැන් බැටරි මාරු කරන්න කාලේ හරි !!
🤎 ඒකට තමයි අම්මා වර්කර්ස්ලා ඉන්නේ..ඕකට මන් ගෙදර එනකම්ම ඉන්න ඕනද ?? අම්මාට තිබ්බානේ වර්කර්ස්ලා ගෙන්න ගෙන කරන්න !!
අභි නහයෙන් අඩනකොට අභිගේ අම්මා අභීගේ ඔලුවටම පාරක් දුන්නා..
🤎 ආව්වා..ඇයි ගැහුවේ ??
👵 උබ වැඩ කරන්නේ AI Tech. එකේ...ඒ උනාට ගෙදර තියෙන රොබෝගේ බැට්රි දාන්න මන් වර්කර්ස්ලා ගෙන්නන ඕනද ??
🤎 කැඩිච්ච රොබෝලා හදනවට වඩා මට වැඩ තියෙනවා..අනික මේපාර ප්‍රොජෙක්ටර් එක ප්‍රොෆෙසර් මට භාර දුන්නේ !!
YOU ARE READING
ත්‍රිමාණ 2061 || Non-fictional
Mystery / Thriller" ඔයාට දෛවය වෙනස් කරන්න බෑ අභී !!..කිම් ටේහ්‍යුන්ගේ දෛවය ඔයාට වෙනස් කරන්න බෑ !!... " " ඇයි බැරි ?? මේ මට...අභිමන්යු නිර්වාන් පෙරේරට කරන්න බැරි දෙයක් නෑ !! " . . ත්‍රිමාණ ලෝකෙන් එහාට පියාඹන්න අවසරයි !! " Little rose " part 2 🤎 #thriller #mystery #...