Chapter 05

71 13 4
                                    

අභී එහෙමත් නැත්තම් ජෙෆ් මේ වෙනකොට ඩිස්ජාර්ජ් කරලා ගෙදර එක්කන් ඇවිල්ලා වගේම සෙවුල් අභීට හැම දෙයක් ගැනම, හැම කෙනෙක් ගැනම කියලා දීලායි තිබ්බේ...ඒ වගේම ටිකෙන් ටික ජෙෆ්ගේ මතක අභීට පොඩ්ඩ පොඩ්ඩ දැනෙන්න පටන් ගත්තා...ඒ නිසාම අභීට පුලුවන් උනා ඉක්මනට හැමදෙයක්ම ආයි පටන් ගන්න..ඒත් එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ එයාට කිලර් පිහියෙන් ඇනපු දවසේ උනේ මොකක්ද කියන එක ගැනයි..මොකද තාමත් ජෙෆ්ගේ මතකවලින්වත් අභීට එදා උන දේ හිතාගන්න බෑ..

ඒත් අභී එක දෙයක් දන්නවා..

ඒ තමයි කිලර්ගේ ඊලග ටාර්ගට් එක කිම් ටේහ්‍යුන් කියන එක...!!

මොකද අභී හොස්පිටල් ඉන්න දවසේ එයා පුලුවන් විදියට චාවුන්ට වෙඩි තියන එක නවත්තන්න එයාට ලැබුන ඔත්තුවක් විදියට ෆෑන් මීටින්ග් එකට හොරෙන්ම පොලිසිය යැව්වත් එදා ඇත්තටම වෙඩි තැබීමක් උනේ නෑ..හරි නම් එයා දන්න තොරතුරුවලට අනුව චාවුන්ගේ ෆෑන් මීටින්ග් එකේදි වෙඩි තැබීමක් වෙන්න ඕන..ඒත් එදා ඒක උනේ නෑ..සමහරවිට පොලිසිය ඉන්න නිසා කිලර්ට එදා වෙඩි තියන්න බැරි වෙන්න ඇති..ඒත් නොහිතුව විදියට ඊට දවස් දෙකකට පස්සේ චාවුන්ගේ කොන්සට් එකේදිම වෙඩි වැදීමත් එක්ක හැමෝම කලබල උනා..මොකද ඒක ප්‍රසිද්දියේ ඝාතනය කිරීමට ගත්ත සැලසුමක්..චාවුන්ගේ වාසනාවට ජිවිතයට හානියක් නොවුනත් චාවුන්ව බේරගන්න ගිහින් බොඩිගාර්ඩ් කෙනෙක්ටයි වෙඩිල්ල වැදුනේ..හරියටම අභී වෙනස් කරපු චාවුන්ගේ අතීතේ එයාට වෙඩි වැදුනු තැනටමයි...

🦊 ජෙෆ්...ම්ම්ම්..මන් කියන්නේ අභි..ඔයා කියන විදියට අපිට කිම් ටේහ්‍යුන්ගේ ඝාතනය වලක්වගන්න බැරිද ??

මේ වෙනකොට සෙවුල්ට අභී හැමදෙයක්ම කියලයි තිබ්බේ...එයා කියන දේවල් මුලදි ඇත්ත කියලා පිලිනොගත්තාත් පස්සේ චාවුන්ගේ සිද්දියෙන් පස්සේ සෙවුල් තීරණය කරා අභී කියන්නේ ඇත්ත කියලා..මොකද ඩේට් එක වැරදුනත් අභී හරියටම ඊලගට වෙඩි වදින කෙනාව ගෙස්ට් කරා..

🤎 මන් කියන්නේ බෑ කියලා නෙමෙයි සෙවුල්...අපිට වෙඩි තැබීම නවත්තන්න බෑ...ඒ දවස වෙනස් කරත් ආයි වෙන දවසක හරි ඒ දේ වෙනවා..ඒත් අපිට එක දෙයක් කරන්න පුලුවන්..හරියට රිප්ලේස්මන්ට් එකක් වගේ...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 18 ⏰

Add this story to your Library to get notified about new parts!

ත්‍රිමාණ 2061 || Non-fictional Where stories live. Discover now