Chapter 04

68 17 2
                                    

Abhi pov

" අභීමන්‍යු මතක තියාගන්න ඔයා මේ දෙයින් පස්සේ නැගිටින්නේ අතීතේ වෙනත් කෙනෙක්ගේ ඇගෙන්..ඔයාගේ මනෝකාය විතරයි එයාගේ ඇගට යන්නේ..ඒ නිසා ඔයා ආයි ඇස් අරින්නේ ජීවිතයත් මරණයත් අතර වේදනාවකින් ඉන්න වෙනත් කෙනෙක්ගේ ඇගක් ඇතුලෙන්..ආයි ඔයාට එන්න නම් ඒ වේදනාවම ඔයාට ලැබෙන්න වෙනවා..හොදට මතක තියාගන්න අභිමන්‍යු ඔයා යන්නේ 2023ට...ඒ වගේම ඔයාගේ රාජකාරිය රෙඩ් බැලූන් ඝාතකයා නවත්වන එක..එතනින් එහාට වෙන දේවල් වලට සම්බන්ධ උනොත් වගකීම මට ගන්න බෑ...ඒ හැමදෙයක්ම සම්බන්ධ ඔයත් එක්කමයි....."

මගේ කන් ඇතුලෙන් ප්‍රොෆෙසර්ගේ අන්තිම වචන දෝන්කාර දෙනකොට මට දැනුනා මගේ බඩින් ලොකු වේදනාවක්..ඒක හරියට කවුරු හරි මගේ බඩ පසාරු කරන් යන්න මොකකින් හරි ඇනන් ඉන්නවා වගේ...ඒක...ඒක කියන්න තේරෙන්නේ නෑ මට..මන් ඒ නිස ඒ කෙනාගෙ අතින් අල්ලගත්තා...මගේ බඩ පසාරු කරගෙන යන උල් දෙය නවත්තන්න මන් ඒ අතින් අල්ලගත්තා..

මගේ ඇස් ඇරගන්න බෑ වගේ දැනෙනකොට මන් මගේ බඩ හරහා පසාරුවෙන අත් තදින් අල්ලන් යාන්තම් අමාරුවෙන් ඇස් ඇරියා..කරුවලේ හැමදේම බොද වෙලා පෙනුනත් ලාවට වැටිලා තිබ්බ කොලපාට එලියකින් මට එක දෙයක් ඒ රූපෙන් පෙනුනා..ඒ එයාගේ කට කොනේ හිනාව...ඒ නපුරු ඇස් ??

පොලිසියේ සයිරන් එක මගේ කන් ඇතුලේ දෝන්කාර දෙනකොට ඒ කෙනා මගේ බඩ පසාරු කරන් ඇනලා තිබ්බ පිහිය අතෑරලා දිව්වා..

එයා දුවනවත් එක්කම මාව එහෙම්ම ඇදගෙන වැටෙනකොට බොද උන ඇස්වලින් මට පෙනුන එකම දෙ කවුරු හරි කට්ටියක් මගේ පැත්තට දුවගෙන එනවා කියලා විතරයි..

යාන්තමින් මගේ ඇස් පියවෙනකොට මට මතක් උනේ අදුරේ කොල පාට එලියකින් මන් දැක්ක ඒ රූපේ..

ඒ පලිගැනීම පිරුනු ඇස්...

ඒ කට කොනේ හිනාව...

බෙල්ලේ පැත්තක ගහලා තිබ්බ ටැටූ එක...

ඒවා මට හුරුපුරුදුයි...මොකද ඒ හැමදෙයක්ම මන් කලින් දැකපු දේවල්...

මොකද ,

ඒවා...ඒවා හරියට මගේ වගේ ??

ඔව් ඒ අදුරු බොදවුන රූපේ මගේ !!

ත්‍රිමාණ 2061 || Non-fictional Where stories live. Discover now