Chapter 02

90 24 3
                                    

🤎 අම්මා..මේ ඉන්නේ අපේ ටීම් එකේ මැනේජර් ප්‍රොෆෙසර් එරික්...!!

AI tech එකට පලවෙනි වතාවට තමන්ගේ මව එක්කගෙන ගිය අභි එයාගේ ප්‍රොජෙක්ටර් එක භාර බ්‍රිතාන්‍ය ජාතික ප්‍රොෆෙසර් එරික්ට තමන්ගේ මව හදුන්වා දුන්නාම ප්‍රොෆෙසර් එරික් ඇය සමග සුහදශීලී හිනාවක් පෑවා..

👴 වාඩිවෙන්න මිසිස් පෙරෙරා...අපිට පුලුවන් ජෑම් සැන්ඩ්විච් එකකුයි කෝෆි කෝප්පයකුයි බොන ගමන්ම කතා කරන්න...

තරමක් වයසැති පුද්ගලයෙක් උන ප්‍රොෆෙසර් එරික් හිනාවක් එක්ක එයාගේ රොබෝ ගෙනත් දුන්න කොෆි මග් එකෙන් කොෆි ටිකක් කෝප්පෙට වක් කරන ගමන් අභී එක්ක වගේම අභිගේ මව එක්කත් කත කරන්න පටන් ගත්තා..

👴 කන්න මිසිස් පෙරේරා...බය වෙන්න එපා..මෙවා කෘතීම දේවල් නෙමෙයි..මගේ ලැබ් එක ඇතුලෙම හදපු ජෑම් තියෙන්නේ..

🤎 කන්න අම්මා...බ්‍රිතාන්‍ය ජාතිකයොයි ජෑම් සැන්ඩ්විචුයි අතර තියෙන්නේ ආත්මගත බැදීමක්..ඒ නිසා මොන කතාව පටන් ගන්නත් කලින් ප්‍රොෆෙසර් එරික්ගේ ජෑම් සැන්ඩ්විච් කන්නම වෙනවා..

අභි හිනාවෙලා කියනකොට ප්‍රොෆෙසර් එක්ක හිනා උන ජන්ග්මිත් සැන්ඩ්විච් කෑල්ලක් කන්න පටන් ගත්තා..ඇත්තටම ඒවා ස්වභාවික රහයි..දැන් තියෙන භාගෙට භාගයක් කෑම කෘතීමව නිශ්පාදනය කරපුවා නිසා ස්වභාවික ආහාර හරිම හිගයි..තරුණ පරපුර කෘතීම ආහාරවල කැමති උනත් තාමත් වැඩිහිටියන් ආස එයාලගේ පුරුදු රහට..අවුරුදු ගානකට කලින් බන්කොලොත් උන ලංකාව චීන රාජ්‍යයට අයත් නොවන්න මේ තරම්වත් ආහාරයක් ගන්න පුලුවන් වෙයි කියලා හිතන්නවත් බෑ...පුංචි කාලෙ ඉදන් ලංකාවේ හැදුන ජන්ග්මිට වඩා වෙන කවුද ලංකාවේ වෙනස් වීම හොදටම දන්නේ ?? ඒ හැරත් ඒ වෙනසට , ලෝකේ දියුණුවට පින් සිද්ද වෙන්න ලෝකේ ඉන්න ඕනම කෙනෙක් එක්ක ඕනම භාෂාවකින් කතා කරන්න පුළුවන් තාක්ෂණයක් දැන් හැදිලයි තියෙන්නේ..

කනට පලදන මයික්‍රෝසොෆ්ට් ඉයර් බඩ් එකකින් පුලුවන් වෙනත් භාෂාවක් ක්ෂණික පරිවර්තනයකින් තමන්ගේ භාෂාවට හරවගෙන අනික් කෙනා කියන දේ තේරුම් ගන්න..AI tech එකට ඇතුල් වෙන හැම කෙනෙක්ම වගේ ඒ තාක්ෂණය භාවිත කරන්නේ මේ විශාල ගොඩනැගිල්ල ඇතුලේ ලෝකේ ඉන්න හැම ජාතියකම, ආගමකම දක්ෂ අය ඉන්න නිසායි..ඒ හැම කෙනා එක්කම පහසුවෙන් සන්නිවේදනය කරන්න AI tech එකෙන් හදුන්වලා දුන්න ප්‍රධානම මෙවලම තමයි ඒක..

ත්‍රිමාණ 2061 || Non-fictional Where stories live. Discover now