CHAPTER 01~

384 61 54
                                    

වසන්ත සෘතුවේ සීතල සුළං හමා ගෙන යන වෙලාවක බ්ලොසම් ගහක් යට හදලා තිබුන බෙන්ච් එකක වාඩි වෙලා හිටියේ යුනිවර්සිටි යන තරුණයන් දෙදෙනෙක්... එක්කෙනෙක් මිටි තරුණයෙක් වෙනකොට අනිකා ඊට වඩා පොඩ්ඩක් උස කෙනෙක් වුනා... ඔවුන් දෙදෙනා හිටියේ බ්ලොසම් ගහෙන් වැටෙන මල් දිහා බලාගෙන... නෑ ඇත්තටම ඒක සාධාරණීකරණය කරොත් එතන එක තරුණයෙක් විතරයි බ්ලොසම් ගස් දිහා බලන් හිටියේ... එතකොට අනිකා..??

" මොන වදයක් ද මේ... හුහ්.. යන යන තැනට එනවා... දැන්නම් මට එපා වෙලා අප්පාහ්... "

අනික් තරුණයා හිටියේ එයාලාට බෙන්ච් දෙකකට එහායින් වාඩි වෙලා හිටිය සුදු කොල්ලට බැන බැන... දැන් මාස දෙකක් තිස්සේ විතර පස්සෙන් එන මේ කොල්ලා නිසා අර තරුණයාට එපා වෙලා තිබුනේ... ඒත් ඇත්තටම ඒක එහෙම ද...? නැත්නම් හිත යටින් එයත් එහෙම ඒ කොල්ලා එනවට කැමති ද..?

" චිමී අපි යමු අනේ... "

මෙච්චර වෙලා අර සුදු කොල්ලට කුටු කුටු ගගා බැන බැන හිටිය උස තරුණයා බෙන්ච් එකෙන් නැගිටලා එයාට එහා පැත්තෙන් හිටිය මිටි තරුණයවත් ඇදගෙන සුදු තරුණයා ට පේන්න ගස්සගෙන ගියා...

මෙතනින් දැන් ගස්සගෙන පද්දගෙන ගියේ වෙන කවුරුත් නෙවෙයි අපේ මිස්ටර් කිම් ගේ සහ මිසිස් කිම් ගේ වන් ඇන්ඩ් ඔන්ලි සන් කිම් ටේහ්‍යුන්....

උපතින්ම රන් කඳක් වගේ ඉපදුණ කිම් ටේහ්‍යුන් කියන්නේ ඉල්ලන ඉල්ලන දේ එවෙලෙට අරන් දෙන්න පුළුවන් තරම් වත්කමක් නැත්නම් සල්ලි ආකරයක් තියෙන මනුස්සයෙක් ගේ එකම පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උපතින්ම රන් කඳක් වගේ ඉපදුණ කිම් ටේහ්‍යුන් කියන්නේ ඉල්ලන ඉල්ලන දේ එවෙලෙට අරන් දෙන්න පුළුවන් තරම් වත්කමක් නැත්නම් සල්ලි ආකරයක් තියෙන මනුස්සයෙක් ගේ එකම පුතා...

එතකොට මේ මිටි තරුණයා කවු ද... ඒ අපේ චිමී නොහොත් පාර්ක් ජිමින්... අහිංසක මූනක් තිබුනත් කොච්චි කරලක් වගේ කෙනෙක් වුන ජිමින්ට හිටියේ අප්පා විතරයි... ටේහ්‍යුන් ට වගේ උපතින්ම සල්ලි ආකරයක් නොතිබුනත් ජිමින් ගේ අප්පගේ උත්සහයයි උනන්දුවයි නිසා දැන් ජිමින් කියන්නෙත් සල්ලිකාර පවුලක එකම පුතෙක්...

JEALOUS BOYFRIEND | TAEKOOK (ongoing)Where stories live. Discover now