CHAPTER 08~

150 37 52
                                    

" ආහ්හ්හ්හ්හ් මාව බේරගනියෝඕඕඕ... "

" යාහ්හ්හ් යුන්ගි හියුන්... "

ලීජි ආ යුන්ගි එක්ක ගෙදරට ආපු ජන්කුක්ට අවසානෙට ඒ දෙන්නම හොයාගන්න නැති වෙනකොට ගෙදර දොර ඇරලා බිත්තිය දිගේ අතගාලා ස්විච් හොයන ගමන් ඇතුළට ගියපු ජන්කුක්ට ඇහුනේ යුන්ගිගෙ කෑ ගැහිල්ල වගේම ජිමින් 'යුන්ගි හියුන්' කියලා කෑ ගහන සද්දේ...

ඒත් එක්කම වගේ යන්තම් බිත්තිය අතගාලා ස්විච් එක හොයාගෙන ලයිට් එක දාපු ජන්කුක් දැක්කේ හිම ස්ප්‍රේ එක ඔළුවේ ඉදන් නාගෙන ඉන්න යුන්ගිවයි යුන්ගිගේ කොණ්ඩෙන් ඇදන් ඉන්න ජිමින්වයි...

ඒ වගේම ඊට එහා පැත්තෙන් යූහියි ජියොනුයි ඒ ඇස් ලොකු කරන් බලන් හිටියා වගේම ජන්කුක් එක්ක ආව ලීජි යා මුල්ලක තිබුනු පුටුවක කොන්දත් අල්ලන් වාඩි වෙලා කලින්ම මේ ස්ක්‍රිප්ට් එක ප්ලේ වෙනවා දන්නවා කියන්න වගේ අනිත් අය දිහා බලන් හිටියා...

ඒ අතර ජන්කුක්ගේ යාළුවෝ තුන්කට්ටුව මේ දිහා බලන් හිටියේ වෙන්නේ මොනාද කියලා පැහැදිලි කරලා දෙන්න කියන මූනකින් වෙනකොට ටේහ්‍යුන් තඩි කේක් එකකුත් උස්සන් ජන්කුක් දිහා ඇස් පිල්ලම් ගහන්නේවත් නැතුව බලන් හිටියා...

ජන්කුක්ට අද ටේහ්‍යුන්ගේ ඇස් දෙක සතුටකට ද නැත්නම් ලයිට් එළිය නිසා ද මන්දා ගොඩක් ලස්සනට දිලිසෙන ගමන් පෙනුනා...

හරි මෙහෙමයි මෙතන වෙන දේ ගැන සරලව ගත්තොත් ජන්කුක් දොර ඇරින්න ට්‍රයි කරපු වෙලාවේ යුන්ගියි ලීජි ආ යි ඩබල ජන්කුක්ට හොරෙන් පිටිපස්සේ දොරෙන් යූහිගේ උදව් ඇතුව ගේ ඇතුලට ආවා... ඒ වෙලාවේ ජිමින් ඉන්නවා දැක්ක යුන්ගි ඇඹලයා වගේ ජිමින් ඉන්න තැනට ගියේ ජිමින්ට surprise එකක් දෙන්න කියලා හිතාගෙන වුනත් කළුවරේ හිටපු ජිමින් හිතුවේ හොල්මනක් කියලා යුන්ගිට හිම එක ස්ප්‍රේ කරලා කොණ්ඩෙන් ඇදලා අල්ල ගත්තා... ඒත් යුන්ගිගේ කෑ ගැහිල්ලත් එක්ක ඒ යුන්ගි කියලා අදුරග්ත්ත ජිමින් යුන්ගිට කෑ ගහලා ටික වෙලාවකට පස්සේ තමයි ජන්කුක් ලයිට් එක දැම්මේ... අන්නේකයි වුනේ...

" මැනිකේ... "

හුඟ දවසකින් වගේ ටේහ්‍යුන්ගේ මූන දිහා බලන් කතා කරපු ජන්කුක්ගේ ඇස් හරි ලස්සනට දිලිසුනා... ජන්කුක් එයාට විතරක් ඇහෙන්න මුමුණ ගත්තට ඒක ටේහ්‍යුන්ග්ටත් හොදට ඇහුනා... ඒත් එක්කම ටේහ්‍යුන්ග් ගේ මූනේ ලා හිනාවක් ඇදගෙන කොට ඒක දිහා බලන් හිටිය ජන්කුක්ටත් ආපස්සට හිනාවක් යනකොට දෙන්නම හයිජ් ස්කූල් කාලේ ලවර්ලා දෙන්නෙක් වගේ ඇඹරී ඇඹරී හිටියා...

JEALOUS BOYFRIEND | TAEKOOK (ongoing)Where stories live. Discover now