CHAPTER 03~

229 49 18
                                    

රාත්‍රිය උදා වුනා කියලා ලෝකයාට මවාපාන්න වගේ හද එළිය හැමතැනකම පැතිරිලා පොළොව දිලිසෙමින් තිබුනා... හද තනි කරන්න අකමැත්තට ද කොහෙදෝ තරුත් හද වටේට එකතු වෙලා හරි ලස්සනට නිවි නිවී පත්තු වෙමින් තිබුනා... ලස්සනට හද එක්ක තරු පායලා තිබුනත් ඒ සුන්දර අලංකාර දර්ශනය ලෝකයාගෙන් හංග ගන්න තියෙන බලවත් උවමනාවට වළාකුළු ගොන්නක් එකතු වෙලා අහස ආක්‍රමණය කරා... ඒකෙන් වුනේ ලෝකයම අලෝකවත් වීම නතර වුන එකයි...

නමුත් මහී කාන්තාවගේ ඉල්ලීමට ඇහුම් කන් දීල ද කොහෙද ආපහු වතාවක් ලෝකයම එළිය කරන්න තියෙන උවමනාට වළාකුළු අහසින් අයින් වුනත් වළාකුළු යන්න ගියේ හද වටේට එක් රැස් වෙලා හිටපු හදට නිතරම ඕනි වෙන වටිනා කියන තරු දෙකතුනකුත් කාටත් හොරා අරන් යන ගමනුයි...

කොච්චර මොන විදිහට ලස්සන දේවල් ලෝකයේ තිබුනත් ස්වාභාව ධර්මය විසින්ම සමහර ලස්සන දේවල් ලෝකයාගෙන් වහගෙන හිටියා... ඒ ඔවුන්ගෙම හොදට... අවශ්‍ය කාලෙට ස්වාභාව ධර්මයාම ඒවා ලෝකයාට පෙන්නන්න, බලන්න දෙන්න පටන් ගන්නවා... නමුත් බලෙන් ඒ දේවල් හොයාගන්න ගියොත් වෙන්නේ ඒ දේවල් වල තිබුනු ලස්සන ඉබේම නැති වෙලා යන එක විතරයි...

හරියට ලස්සන හිටිය ජියොන් පවුලට සිද්ද වුන දේ වගේ...!!

රෑ අටේ කනිසම පහු වෙලා විනාඩි කිහිපයක් ගත වෙන්න ඇති... සමහරවිට විනාඩි පහළොවක් නැත්නම් පැය භාගයක් වුනත් වෙන්නත් පුළුවන්... වෙලාව ගෙවිලා යන බව කාටවත්ම ගානක් නෑ... හවස් කාලයේ තිබුනු මීදුම් සහගත බව තවත් වැඩි කරමින් රෑ වෙන කොට වටපිටාව අධික සීතලකට උරුම කම් කියන්න පටන් ගත්තා...

නිහඬතාව..!! හැමතැනම පැතිරුනේ නිහඬතාව පමණයි...!! හීන් සුළං රැලි හමන් යන රාත්‍රිය පුරාම නිහඬතාව පැතිරුනා... ඒ නිහඬතාව නැති කරන්න වගේ වරින් වර බකමූනෙකුගේ හූම් සද්දෙකුත් අතරින් පතර ඇහෙන්න තිබුනා...

" ඉතින් ගුකී කොහොමද මේ දවස් වල කොලේජ් එකේ වැඩ එහෙම... "

" අවුලක් නෑ මිස්ටර් ජියොන්... "

නිහඬතාව බිදින ගමන් මිස්ටර් ජියොන් ජන්කුක් දිහා බලන ගමන් ඇහුවම ජන්කුක් ලාවට පොඩි හිනාවක් දාලා අවුලක් නෑ කියන ගමන් ආපහු ඉස්සරහ බලා ගත්තා... ජන්කුක් එක්ක මිස්ටර් ජියොන් හිටියේ කිම් මැන්ෂන් එකේ එළියට වෙන්න හදලා තිබුනු බෙන්ච් එකක වාඩි වෙලා...

JEALOUS BOYFRIEND | TAEKOOK (ongoing)Where stories live. Discover now