Fairytale Princesses 12- Princess Anastasia 👸🏼

2 1 0
                                    

ඔටුන්න හිමි කුමරිය Anastasia
👸🏼

👸🏼Grand Duchess Anastasia Nikolaevna (ක්‍රි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👸🏼Grand Duchess Anastasia Nikolaevna (ක්‍රි.ව. 1901-1918) යනු රුසියාවේ Nicholas II (Tsar) අධිරාජයාගේ සහ Alexandra Feodorovna (Tsarina) අධිරාජිණියගේ බාලම දියණියයි. Olga, Tatiana හා Maria යන වැඩිමල් සොහොයුරියන් සහ Alexei Nikolaevich නම් බාල සොහොයුරා Anastasia ගේ සහෝදර-සහෝදරියන්. 1918 ජූලි මස 17 වන දින Yekaterinburg හි දී විප්ලවවාදීන් විසින් ඇයගේ පවුලේ අය සමඟම ඇයව ද මරාදැමුවා.

👸🏼1991 දී Yekaterinburg හි අතහැර දැමූ පතලක තිබී Anastasia ගේ සහ ඇගේ සොහොයුරු Alexei කුමරුගේ හැර අනෙක් රාජකීයයන්ගේ මළසිරුරු හමුවුණා. මේ නිසා Anastasia කුමරිය සහ Alexei කුමරු මරණයෙන් මිදී පලාගොස් ඇති බවට මත පළවුවත් 2007 දී ඔවුන් දෙදෙනාගේ මළසිරුරු ද හමුවෙනවා. පසුව DNA පර්යේෂණ මගින් එම මළසිරුරු Anastasia කුමරියගේ සහ Alexei කුමරුගේ බව තහවුරු වුණා.

👸🏼Tsar පාලනය පිරිහීමට මූලික හේතුවක් ලෙස විශ්ලේෂකයන් දක්වන්නේ Nicholas II අධිරාජයාගේ උපදේශකවරයෙකු වූ Rasputin හෙවත් Grigori Yefimovich Rasputin (ක්‍රි.ව. 1869-1916) ගේ බලපෑමයි. එසේම විප්ලවවාදීන් හට Tsar අධිරාජ්‍ය බිඳදැමීමට සහ Romanov රාජ වංශයේ බලය අවසන් කිරීමට පහසුවූයේ Rasputin මරාදැමීම නිසා බවට ද ඉතිහාසඥයින් අදහස් දක්වනවා.

👸🏼1997 දී 20th Century Fox සමාගම මගින් Anastasia කුමරියගේ කතාපුවත අළලා Anastasia නම් සජීවීකරණ චිත්‍රපටය නිර්මාණය කළා. කුඩා කාලයේ දී තමන්ගෙන් ඈත් වූ තම මිණිබිරිය සොයන අධිරාජිණියකගේ කතාවත්, අධිරාජිණියට මිණිබිරිය සොයා දී ත්‍යාගය ලබාගැනීමේ අරමුණෙන් පසුවන Tsar මාළිගයේ සේවය කළ සාමාන්‍ය තරුණයෙකුගේ කතාවත් එම චිත්‍රපටයට ඇතුළත් වුණා.

👸🏼අතුරුදන් වූ කුමරිය Anastasia Romanova හෙවත් Anya, කුමරිය සොයා දී මුදල් ලබාගැනීමේ අරමුණෙන් පෙළෙන තරුණයා Dimitri, ඔහුගේ මිතුරු Vlad, දුෂ්ටයා වන Grigori Rasputin, Anastasia මිත්තණිය Marie Feodorovna Romanov අධිරාජිණිය (මෙම චරිතය Tsar Nicholas II අධිරාජයාගේ මව වන Princess Dagmar of Denmark හෙවත් Maria Feodorovna නම් Tsar Alexander III අධිරාජයාගේ බිසව ඇසුරෙන් නිර්මාණය කර තිබෙනවා), අධිරාජිණියගේ ඥාති සොහොයුරිය වන Sophie Stanislovskievna Somorkov-Smirnoff කුමරිය, Rasputin ගේ සුරතලා වන ඇළි වවුලා Bartok, කුමරියගේ බලු සුරතලා වන Pooka යන චරිත මෙම චිත්‍රපටයෙන් අපට හමුවෙනවා.

👸🏼1999 දී මෙහි එන Bartok ගේ චරිතය ඇසුරෙන් Bartok the Magnificent නම් prequel චිත්‍රපටය නිර්මාණය කළා.

✍🏼 සකුනි හතරසිංහ
(05.11.2020)

ලිපි එකතුව 📝Where stories live. Discover now