Fairytale Princesses 22- Astrid, The Viking Warrior 🐉

9 1 0
                                    

වයිකිං රණශූරිය Astrid (How to Train Your Dragon)
🐉

🐉බ්‍රිතාන්‍ය ලේඛිකා Cressida Cowell විසින් රචිත පොත් 12කින් යුතු ළමා සුරංගනා කතාමාලාවක් ලෙස How to Train Your Dragon කතාමාලාව හඳුන්වන්න පුළුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐉බ්‍රිතාන්‍ය ලේඛිකා Cressida Cowell විසින් රචිත පොත් 12කින් යුතු ළමා සුරංගනා කතාමාලාවක් ලෙස How to Train Your Dragon කතාමාලාව හඳුන්වන්න පුළුවන්. DreamWorks Animation සමාගම විසින් මේ කතාමාලාව පාදක කරගෙන How to Train Your Dragon නමින් සජීවීකරණ චිත්‍රපට මාලාවක් නිෂ්පාදනය කරනවා.
🐲How to Train Your Dragon- 2010
🐲How to Train Your Dragon 2- 2014
🐲How to Train Your Dragon: The Hidden World- 2019

🐉එහි ප්‍රධාන චරිත දෙක වන්නේ කකුලක් අහිමි වයිකිං තරුණයෙකු වන Hiccup Horrendous Haddock III සහ ඔහුගේ මකරා වන Toothless. Astrid Hofferson යනු Hiccup ගේ දිගුකාලීන පෙම්වතිය සහ පසුකාලීන බිරිඳ වන අතර ඇය, පිරිමින් හා කරට කර සටන් කළ හැකි වයිකිං රණශූරියක්. How to Train Your Dragon නවකතා මාලාවේ Astrid නමින් චරිතයක් නොමැති අතර නවකතාවේ එන Camicazi නම් වයිකිං සටන්කාරිය ඇසුරෙන් Astrid චරිතය ගොඩනගා තිබෙනවා. ඇයගේ මකරා Stormfly.

🐉ඒ හැර Hiccup ගේ පියා Stoick, මව Valka, පියාගේ මිතුරා Gobber, මිතුරන් වන Fishlegs, Snotlout, Tuffnut හා Ruffnut නිවුන්නුන්, Eret යන චරිත ද මෙහි ඇතුලත් වෙනවා.

🐉එසේම How to Train Your Dragon කතාව ඇසුරෙන් කෙටි චිත්‍රපට සහ ටෙලිනාට්‍ය මාලාවක් ද නිර්මාණය කරනවා. 2012 සිට 2018 දක්වා DreamWorks Dragons නමින් ද, 2019 සිට මේ දක්වා DreamWorks Dragons: Rescue Riders (මෙහි ඉහත චරිත ඇතුලත් නොවේ) නමින් ද මේ ටෙලිනාට්‍ය මාලාව විකාශනය වෙනවා.
🐲Legend of the Boneknapper Dragon- 2010
🐲Book of Dragons- 2011
🐲Gift of the Night Fury- 2011
🐲Dawn of the Dragon Racers- 2014
🐲How to Train Your Dragon: Homecoming- 2019
🐲Snoggletog Log- 2019 (ටෙලි චිත්‍රපටය)

🐉How to Train Your Dragon: Homecoming කෙටි චිත්‍රපටයට අනුව Hiccup හා Astrid හට Zephyr සහ Nuffink නමින් දියණියක් සහ පුතෙක් ද වෙනවා.

✍🏼 සකුනි හතරසිංහ
(29.12.2020)

You've reached the end of published parts.

⏰ Last updated: Dec 30, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ලිපි එකතුව 📝Where stories live. Discover now