Fairytale Princesses 16- Moana ⛵️

5 0 0
                                    

පැසිෆික් වීරවරිය Moana
⛵️

⛵️Walt Disney සමාගම විසින් 2016 දී නිර්මාණය කළ Moana චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ පොලිනීසියානු දූපතක ජන ප්‍රධානියෙකුගේ දියණිය වන ශක්තිමත් සහ නිර්භීත Moana යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⛵️Walt Disney සමාගම විසින් 2016 දී නිර්මාණය කළ Moana චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ පොලිනීසියානු දූපතක ජන ප්‍රධානියෙකුගේ දියණිය වන ශක්තිමත් සහ නිර්භීත Moana යි. සාගරය විසින් ඇයව ගුප්ත වස්තූන් සහ Te Fiti නම් දෙවඟන නැවත එකතු කිරීම සඳහා තෝරාගනු ලබනවා. පියාගෙන් පසු තම ජන කණ්ඩායමේ ප්‍රධානියා වන Moana තම ගම්මානය දිලීර රෝගයකින් පීඩාවිඳින තම ජනතාව බේරාගැනීමට පුරාවෘතගත උපදේවතාවෙකු වන Maui සොයාගෙන ඔහු හා එක්ව Te Fiti දෙවඟන වෙත යාම මේ චිත්‍රපටයේ කතාවෙහි අන්තර්ගත වෙනවා.

⛵️Moana සහ උපදෙවි Maui මෙහි ප්‍රධාන චරිත වන අතර Moana ගේ මිත්තණිය Tala, පියා Tui, මව Sina, සුරතලා Heihei යන චරිත ද මෙහි ඇතුලත් වෙනවා.

⛵️පැසිෆික් සාගරයේ දූපත්වල වාසය කරන පොලිනීසියානු ජන සමාජයන් සහ එහි සංස්කෘතිය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

✍🏼 සකුනි හතරසිංහ
(09.11.2020)

ලිපි එකතුව 📝Where stories live. Discover now