හැදින්වීම 🗝️

3.9K 262 64
                                    

රුහිරු බැදි බැමි...

විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය.......

************************************

කිසාගෝතමියක නොවේ මා
මියැදි බිළිදුට ප්‍රාණේ යදිනා
ශෝක ගිනි හද දවන මවකමි
බිළිදු වෙනුවෙන් ශාප යදිනා

සෙනෙහසක මළමිණිය වළලා
වෛරයේ හීසරය අමුණා...
කිරි වරම් දුන් ලේ ධාතුවත්
අන්ධකාරේ ගොදුර කරවා...

යළිත් විවරණ ලබා මතුදා...
වින කටින වුන් නස්න කරවා
මගේ හදවත පිළිණ දුන් ඔහු
මගෙම වන බව සඵත කරවා...

ආත්මය කාලියට පුදලා
රුහිරු බිදු කදුලින්ම නහවා
රුධිර උරුමය නැවත එන තුරු
ශාප වේවා!!! ශාප වේවා!!!

නේත්‍රාංජලී මේඝවර්ණ , 1950...

අසීමාන්තිකව ප්‍රේම කල ප්‍රේමවන්තයා වූ  විභූති මනුවර්ණ රාජගුරු නිසාම මියයන සිය බිළිදු දියණිය වෙනුවෙන් ශාප යදිමින් සියදිවි නසාගන්නා තරුණියකගේ ශාපය සත්‍ය වේවිද???

ඒ අතීතයයි...
***************************

***********************************වර්තමානය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

***********************************
වර්තමානය

ලියෝන් යුගීෂ්වර රාජගුරු, වයස 26 යි

රදළ පරපුරකින් පැවතගෙන එන රාජගුරු පරම්පරාවේ අවසාන පුරුක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


රදළ පරපුරකින් පැවතගෙන එන රාජගුරු පරම්පරාවේ අවසාන පුරුක...
රාජගුරු ආයුර්වේද රෝහල් සංකීර්ණයේ ප්‍රධාන වෛද්‍යවරයාගේ එකම පුත්‍රයා......
කවුරුත්ම නොදන්න , ලියෝන්ගෙ අප්පච්චියි මාමලා දෙන්නයි විතරක් දන්න හේතුවකට ලියෝන් එක්ටැම් ගෙයක් වගේ ලොකු මන්දිරයක තනිවුණු හිරකාරයෙක්.....
ලියෝන් කියන්නෙ යන යන තැන පස්සෙන් එන ආරක්ෂකයෝ නිසාම නිදහස් ජීවිතයක හුස්මක්වත් නොදන්න තරමට අසරණ වුණු.... ඒත් ධෛර්යෙන් පිරුණු දක්ෂ තරුණයෙක්....

ලියෝන් ව හංගගෙන ඉන්න හේතුව මොකද්ද??
එයාගෙ අප්පච්චි නිතරම බයෙන් ඉන්න ශාපය මොකද්ද??
එයාලට ශාප කලේ කවුද??
ලියෝන් ඒ මුකුත්ම දන්නෙ නෑ....
ඒ ශාපය බිදින්න ලියෝන් ව එයාලට ඕනෙ ඇයි???
ලියෝන්ගෙයි ශාපයෙයි තියෙන සම්බන්ධය මොකද්ද???

ලියෝන්ව හැමෝගෙන්ම ඈත් කරලා එයාට ආගන්තුකයෙක්ගෙ හුස්මක්වත් නොවැද තියන්න තරමට එයාගෙ තියෙන විශේෂත්වය මොකද්ද???

ලියෝන්ට නිතරම හීනෙන් පේන ඒ දේවදූතියක් වගේ තරුණිය කවුද???
ඒ දේවදූතිය ලියෝන්ට ශාප කරන්නෙ ඇයි???
මේ ප්‍රශ්න එකින් එක විසදෙන්න පටන් ගන්න එක ආශිර්වාදයක් වෙයිද?? හැමදේම විනාශ වෙලා යයිද??
කවුද මේ නේත්‍රා??

ඔය අතරෙ තමයි ලියෝන්ට නේත්‍රාවත් අමතක කරවන විදිහෙ කඩවසම් පරිපූර්ණ රූපයක් තියෙන අවුරුදු විසි අටක යුරෝපිය- ශ්‍රී ලාංකික මිශ්‍ර තරුණයෙක් වුණු සීන් හේසර ෆර්ගසන්ව අහම්බෙන් මුණගැහෙන්නෙ.....

සීන් හේසර ෆර්ගසන් ( වයස 28)

සීන් මේ හැමදේකටම සම්බන්ධද??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සීන් මේ හැමදේකටම සම්බන්ධද??

සීන්ගෙ තියෙන ආධිපත්‍යය උතුරන රූපයට ලියෝන්ගෙ හිත ඇදිලා යන්නෙ ඇයි??

ලියෝන්ගෙ හීන අස්සෙ අතරමං වෙලා ඉන්න නේත්‍රාට මොකද වෙන්නෙ...??

නේත්‍රාද ?? සීන්ද??
පලිගැනීමක්ද ?? ආදරයක්ද??

මේ ලියෝන්ගෙත් සීන් ගෙත් රහස් ප්‍රේමය ගැන කතාවක්ද??
නේත්‍රාගෙ පලිගැනීම ගැන කතාවද?

තීරණය ඔබට භාරයි....

************************************

මේක මම සාමාන්‍යයෙන් ලියන විදිහෙ කතාවක් නෙවේ....ටිකක් ෆැන්ටසි පැත්තට බර , යන්ත්‍ර මන්ත්‍ර, ශාප, ආත්ම ගැන කියවෙන කතාවක් ...

හැදින්වීම කියෙව්වට මුකුත් තේරෙන්න නැතුව ඇති....කතාව කියවනකොට තේරෙයි...

මේක zhanyi එකක් හොදේ...
Non විදිහටත් කියවන්න පුලුවන් කැමති නං.....

Tara~

රුහිරු බැදි බැමි ☑️Where stories live. Discover now