විසි නවවෙනි කොටස

570 133 44
                                    


"නැගිටින්න ....නැගිටින්න.... "

"ලි....යෝ...... "

"නැගිටිනවා ඉතිං....."

"තව වි...නාඩි පහා.ක් ...මැණික...."

"නැගිටපාං මෝඩයා!!......"

ලියෝන් එක අතකින් සීන්ගෙ පස්සට පාරක් ගහලා ඇහැරවද්දි සීන් විදුලියක් කෙටුවා වගේ නැගිට්ටා...

"රිදෙනවා ඕයි.... මේ නැගිට්ටා...මේ නැගිට්ටා.... "

සීන් නිදිමතේම හිටගෙන ලියෝන්ගෙ අතේ තිබ්බ කෝප්පෙ ඇතුල බැලුවා...

" ඔය මොනවද... උදේට කිරි බොන්න බෑ කියලා නැටුවා නේද පහුගිය දවස් දෙකේම....."

ලියෝන් කෝප්පෙන් තව උගුරක් බීලම උගුර පෑදුවා...

"මේ ලුණු කැද.... ඒවා විතරයි බඩට සෙට්... මායා හදලා දුන්නෙ.... ඔයාගෙ කෝප්පෙ කුස්සියේ ඇති.... මායා කියන්න කිව්වා ' අන්න අරකගෙ කැද කෝප්පෙත් ඇති...වඩම්මන්න බෑ..ඔය ළමයා ගිහින් කියලා එන්න..."
කියලා.... ඔන්න පණිවිඩේ කිව්වා...
මං ගියා.... "

ලියෝන් ආයෙ හැරිලා යන්න යද්දි අත් දෙක බැදගත්ත සීන් එරෙව්වා....

"මෙහෙට එන එකේ මගේ කෝප්පෙත් අරන් එන්න තිබ්බනෙ...."

සීන් කීවෙ ලියෝන් දිහා නෝක්කාඩුවෙන් බලලා....

ලියෝන් මේ සීන් ට කැමතියි... ඕනෙවට වඩා වද වෙවී බැරෑරුම් මූණක් හදාගෙන ලියෝන්ගෙ නැනී වගේ ඉන්නවට වඩා මේ පොර කුකුලා වගේ කාගන්න හදන සීන් ලියෝන්ට සැහැල්ලුවක්.... සීනුත් ටිකක් සැහල්ලුවෙන් වගේ කියලා ලියෝන්ට හිතෙනවා....

"උඹටද බබා හම්බෙන්නෙ මටද.....කෝලං නැතුව ගිහින් බොනවා... මායා උදේට බත් උයන ගමන් හදලා තියෙන්නෙ... "

"කවුරු නිසාද උදේට ලුණු කැද බොන්න වෙලා තියෙන්නෙ ඉතිං..."

සීන් කුටු කුටු ගගාම කුස්සියට යන හැටි බලන් ඉදිය ලියෝත් එයා පස්සෙන් කුස්සියට ගියා.....

"ඈ යකෝ ....මං නිසා විතරද......
රෝස කැලෙන් ළමයෙක් අහුලගෙන මං ගිල්ලා වගේනෙ කතාව... "

උදේ පාන්දරම වැදගත් වැඩේකට ඇහැරෙන නිසා ලියෝන් මේ දවස් වල වෙලාසනින් නැගිටිනවා....
ඇයි කලින් දවසෙ රෑ කාපු ඒවා එළියට යවන්න එපැයි......
අනික මොන පාලම් බේසම් පඩික්කමක් ඒකට මෝනිං සික්නස් කියන නම දැම්මද මන්දා....

රුහිරු බැදි බැමි ☑️Where stories live. Discover now