ලියෝන් අමිතමායාගෙ ගෙදර ජනේලෙන් බලන් හිටියෙ මිදුල පිටිපස්සෙ තිබ්බ පිච්ච පදුරු දිහා.....
ලියෝන්ගෙ නහයට පිච්ච මල් සුවද දැනෙද්දි මහා අමුතු දුකකින් හිත පිරිලා ගියා...මේ තරං කාලෙකට අපහැදිලි තිබ්බ හීනෙ ඊයෙ රෑ චිත්රපටියක් වගේ පැහැදිලිව පෙනෙද්දි ලියෝන් මහ රෑ ඇහැරුණේ දාඩිය පෙරාගෙන ඇස් දෙක කදුළු වලින් වැහිලා..... ඒත් කිසි සද්දයක් ඇහෙන්න නැතුව ඇති...... මොකද ලියෝන් ඇහැරෙනකොටත් සීන් එයාට එහා පැත්තෙ කොට්ටෙකුත් බදාගෙන මුණින් අතට හැරිලා හොදටම නිදි..... කෙස් කැරලි මූණට වැටිලා......
ලියෝන්ට හිතුණෙ නෑ සීන්ගෙ සනීප නින්ද කඩන්න.... ඉතින් ඔලුවත් ළාවට අතගාගෙනම ලියෝන් ඇදෙන් නැගිටලා ගිහින් කාමරේ මේසෙ උඩ තියෙන ජෝගුවෙන් වතුර වීදුරුවකට දාගෙන බිව්වා.....
හිතට දැනෙන බර ගතිය නැතිවුණේ නැතත් එයාගෙ බඩට තියාගත්තු අත යටින් උණුහුමට දැනෙන වෛශාලියි එයාට මීටර් දෙකක් එහායින් නිදාගෙන ඉන්න සීන්වයි දැක්කම ලියෝන්ට මෙච්චර වෙලා දැනුන බය වේදනාව ටිකක් අඩුවුණා.....ගංඉවුරේ හිස් මිනී වළක් ඇතුලේ වැලලිලා ගිය නේත්රායි පුංචි දරුවගෙයි සිරුරු පොළොවට පස් වෙලා ගියත් ඒ ආත්ම දෙකම වෙන ස්වරූප වලින් එයා ළගටම ඇවිත් කියන හැගීම ලියෝන්ව ටිකක් සැනසුවා.....
හිත ආපහු එක්තැන් කරගෙන ලියෝන් ආපහු ඇදට ළගට එනකොට තමා සීන් ඇහැරියෙ.....
" ලියෝ ......මේ මහ රෑ තනියම නැගිටගෙන මොකද කරන්නෙ.... වැටිලවත් යයිනෙ.... ඇගට වාරුවකුත් නෑ... හතර අතේ ඇවිදිනවා.. "
සීන් ටිකක් තදින් කියන ගමන් ලියෝන් ළගට ඇවිත් එයාව ඇගට හේත්තු කරගනිද්දි ලියෝන් වෙනදා වගේ රවන්නෙ ගොරවන්නෙ නැතුව සීන්ට හේත්තු වුණා.....
වාරුවක් නැතිකමටම නෙවේ....
එයාට සීන්ගෙ උණුහුම ඕනෙ වුණු හින්දා....ලියෝන් එයාගෙ හිත අස්සෙ මැවි මැවී පෙනෙන දර්ශන ගැන නොහිතා ඉන්න උත්සාහ කරේ එයාට සීන් බොරුවට වද වෙනවා දකින්න ඕනෙ වුණේ නැති හින්දා...
කලිනුත් නරක හීන පෙනෙන්න ගනිද්දි සීන් කලබල වෙලා ලියෝන්ව පන්සලටත් එක්කන් ගිහින් පිරිත් නූල් බැන්ද හැටි ලියෝන්ට මතකයි....
ලියෝන්ට පුංචි දෙයක් වුණත් සීන් කලබල වෙනවනෙ...
YOU ARE READING
රුහිරු බැදි බැමි ☑️
Fanfictionවිනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~