පනස් හයවෙනි කොටස

554 96 41
                                    


"බබා මම ආවා ඔ.....කෝ මෙයා..... "

සීන් අතේ තිබ්බ බෑග් දෙක ඇදට එහාපැත්තෙ මේසෙ උඩ තියලා ඇද යටත් එක්ක බැලුවෙ එයාට නොපෙනී කොහෙහරි ලියෝ හැංගිලාවත් ඉන්නවද බලන්න.....

"ම්හු කොහෙවත් නෑනෙ....මේ මිනිහා කොහෙ ගිහින්ද.... මමත් හොයාගත්තනෙ මනුස්සයෙක්.... වටේ යන එකමයි රාජකාරිය..... මම නැහිලා නැහිලා උයාගෙන පිහාගෙන එනවා මූව බලන්න... මූ අර තුවාලෙත් තියාගෙන බඩකුත් උස්සන් රෝන්දෙ.... මෙව්වා කියන්න ගියාම මම තමා වැරදි....."

සීන්  කුටු කුටු ගගාම කාමරෙන් එළියට ඇවිත් දිග කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ මගදි හම්බුණ නර්ස් කෙනෙකුයි ඩොක්ටර් කෙනෙකුයි එක්කත් හිනාවෙලා.......
එයාව හුගක් අයට මතකයි....
මොකද ලියෝන් දැන් හොස්පිට්ල් එකේ සති තුනක් විතර.....
ඉතිං හැමදාම උදේ දවල් රෑ නැතුව මෙහෙට එන සිනෙත්‍ර කියන්නෙ එයාලට කොහෙත්ම අලුත් දර්ශනයක් නෙවේ.......

ලියෝ කියලත් එහෙම පැත්තකට වෙලා ඉනින නිශ්ශබ්ද ලෙඩෙකුත් නෙවෙයිනෙ....
කාට කියන්නද මෙව්වා.....
සීන් හතර අතේ ලියෝන් සාමාන්‍යයෙන් යන තැන්වල හෙව්වා..

ලියෝට කෙලින් නොකිව්වට මොකද සීන්ට තාමත් බයයි ලියෝ කොහෙට හරි අතුරුදහන් වෙයි කියලා....
ලියෝ පෙනෙන්න නැති වුණාම එයාගෙ පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා.....
අර සිද්ධිය සිද්ධ වෙලා දැන් මාසෙකට කිට්ටු වුණත් තාම ඒ තිගැස්ම සීන්ගෙ හිතෙන් සම්පූර්ණයෙන් ම නැති වෙලා නැහැ......
සමහර වෙලාවට තුවාල ඇගේ නැතුවට ඒවා තියෙන්නෙ හිතේ.....
සීන් ඒ එදා මුහුණ දුන්නු දේවල් ආයෙ ආයෙ මතක් වෙද්දි එයාට ඕනෙ ලියෝව එයා ළගම තියාගෙන පරිස්සම් කරන්න.....
ඒත් ඒ මනුස්සයව එක තැනක තියනවට වඩා ලේසියි හරකෙකුට අවකලනය උගන්නනවා....

අර ඉන්නෙ.... කොහෙ ගියත් ඉතිං පොඩි උං අස්සෙ තමා....
සීන් හිටියෙ පොඩි අය වෙනුවෙන් හදලා තියෙන ප්ලේ රූම් එක ඇතුලෙ....
පොඩි එකෙක් එක්ක  බිල්ඩින් බොක්සස් වගයක් හදනවා....

ලියෝ ඉස්සර ඉදලම මිනිස්සු එක්ක ලොකු ආශ්‍රයක් තිබුණ කෙනෙක් නෙවේ...ඒත් ඒක ටික ටික වෙනස් වෙන ගමන් තිබුණේ....
ඒත් මේ සිද්ධ වෙච්ච සිදුවීම් එක්ක එයා ආයෙත් මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න ගත්තා.... සමහර වෙලාවට ඩොක්ටර්ස්ලා නර්ස්ලව පවා ප්‍රතික්ෂේප කරා.......
එයා බය නැතුව ළං වුණේ පොඩි දරුවන්ට විතරයි......

රුහිරු බැදි බැමි ☑️Where stories live. Discover now