දහ නවවෙනි කොටස

612 141 33
                                    

රත්මල්ගමුව අහසට ඉවරයක් නැතුවම වැහිදෙයියා වැහිලා වගේ....
වැස්ස හැන්දෑ වෙනකොටවත් තුරල් වේවි කියලා විශ්වාසයක් නෑ..... ඒ තරමට තදට වහිනවා.....

ඉතින් වැස්සෙ හරි යන්න තීරණය කරපු සීන්, ලියෝන් දෙන්නා මෙච්චර වෙලා දෙන්නට පාළු කැපුව හාමුදුරුවන්ටත් නොසෑහෙන්න ස්තූති කලා...

ලියෝන් පන්සලට ආධාරයක් දෙන්න උත්සාහ කලත් හාමුදුරුවො කැමතිවුණේ නෑ....
කවදාහරි උදව්වක් අවශ්‍ය වෙලාවක උදව්වක් කරන්න කියලා විතරක් හිනැහිලා කියලා උන්නාන්සේ ආවාස ගෙට ගියේ පඩික්කමට බුළත් කෙළ පාරකුත් ගහලා රැල් බූරුල් හැරලා පරිස්සමට යන්න කියලා ආශිර්වාදත් කරලා...

"ඔය මහත්තුරු දෙන්නා පිට ඈයො කීවට මට නං හුගක් කිට්ටු ගතියක් දැනෙනවා අපෙ ගමට.... පරිස්සමෙන් යන්න..ආපහු එන්න වෙලාවක... "

ලියෝන් වැස්සෙම යන ගමනුත් හාමුදුවන්ගෙ වචන ගැන කල්පනා කරා......
අපි මේ ගමේ ඈයො තමයි...
ඒත් මේ කාලෙට අයිති අය නෙවෙයි...
ඒ සිතුවිල්ල ලියෝන්ගෙ හිතට අද්භූත හැගීමක් ඇති කරා.....

"ලියෝ.... තව ළං වෙන්න.... ඔය තෙමෙනවනෙ... පාරේ මඩ වලට ලිස්සයි... බලාගෙන...."

දැන් නං සීන්ගෙ අතේ කුඩේ.... බෑග් එකත් එල්ලගෙනම ලියෝන්වත් ඉණ වටේට අත දාලා අල්ලගෙන....

ලියෝන්ට දැනෙනවා දැන් නං ටිකක් අමාරුයි වගේ.....
පනින්න පෙර සිතා බලනු කියලා අහලා තිබ්බට ලියෝන්ට හිතන්න මතක් වෙනකොට පැනලා ඉවරයි....
කුම්බලා මාළු කෑවනං විදවපං සිංහ තඩියෝ....
ලියෝන් එයාටම කියාගෙන සීන්ට වාරුවුණා....

සීන් වචනයක්වත් නොකියා එයාගෙ ගමනෙ වේගෙ බාලකරේ ලියෝන් දිහා
ඇස් කොණෙන් විතරක් බලලා...

විනාඩි පහළවක්  විතර වැස්සෙම ඇවිදිද්දි තමා දෙන්නම පොඩි ගුරු පාරක් ළගට ආවෙ...

"මේ පාරෙන්ද යන්නෙ...."

"ඔව්....ආච්චි ගෙදර ඇති.... ආච්චිට ගත්ත කිතුල් හකුරු ටික නං දියවෙලාද දන්නෙත් නෑ මේ වැස්සට බෑග් එක තෙමිළා....

ලියෝන් වටපිට බලබලම ඇවිද්දා....
ගුරු පාර වැටුණේ ගස් විහිදුණු වත්තකට... ඒ වත්ත පුරාම කොළ පාටට ගස් වවලා....
වත්ත මැද්දෙ හුගාක් පුංචි ගෙයක්...
කාමර දෙකක විතර පොඩි ලෑලි ගෙයක්......
ගේ කොච්චර වත්තෙම කොටසක් වගේ පෙනුනද කීවොත් ඒ ලෑලි ගෙදර වහළෙත් වැලක් වැවිලා....
එත් හරිම අමුතු සුරංගනා ගතියක් ඒ ගෙදර තිබුණා.....
හරියට සුරංගනා කතාවක වන අප්සරාවකගෙ ගෙදරක් වගේ හැගීමක් තමා ලියෝන්ට දැනුනෙ.....

රුහිරු බැදි බැමි ☑️Where stories live. Discover now