1 》》

1K 153 130
                                    

Kim corporation වල CEO ඉස්සරහ එයාගෙ පුද්ගලික ලේකම් උන කෙල්ල මේ වෙලාවෙ ඉන්නෙ බිම බලාගෙන අඩන ගමන්...

" මෙන්න අස්වීම...ආපහු මේ කම්පැනි එකේ දොරෙන් ඇතුලට අඩියක් තියන්න තහනම් උබට"

" අනේ සර්...මට සමාවෙන්න සර්..."

" උබට ඒ ගැන හිතන්න තිබුන මාව අල්ලන්න කලින්"

CEO බිමට දාපු තමන්ගෙ අස්වීමේ ලිපිය අතට ගත්ත කෙල්ල ඒ ඔෆිස් එකෙන් අඩාගෙන එලියට ගියේ ඒත් එක්කම ඇගේ හැප්පුන මැනේජර්ට සොරි කියන්නෙවත් නැතුව...

කෙල්ල අඩගෙන ගිය විදියට ඒකිට හරි වගේ කියල මැනේජර්ට හිතෙද්දී CEO ගෙ රූම් එක ඉස්සරහ හිටගත්ත මැනේජර් දොරට දෙපාරක් තට්ටු කරල ඇතුලෙන් උත්තරයක් ලැබෙනකම් බලන් හිටිය...ටිකකින් come in කියල කියනව ඇහෙද්දී දොර ඇරගත්ත මැනේජර් ඇතුලට ගියා...

" අරකි අඩාගෙන දිව්වෙ ඇයි ටේහයුන්ග්...මගෙත් ඇගේ වැදීගෙන ගියේ සොරි කියන්නෙවත් නැතුව "

" යූන්ගි...ඒ බැල්ලි බන් මගෙන් ඇහුව උරහිස් මසාජ් කරන්න ද කියල...මමත් මේ වැඩ ගොඩට හිරවෙලා ඉදල මහන්සි නිසා හා කිව්ව...ඒ පාර උරහිස් දෙක මසාජ් කරන්න ගත්තම ඒකිගෙ අත් යනව මගෙ පපුවටම...ඒ මදිවට බ්ලවුස් එකෙත් බට්න් පන්නගෙන...එක එකාගෙ අත් වලම ලොකු උන ඒවද කොහෙද..ශික්...අප්පිරියයි මට මේ ගෑනුන්ව..."

"එහෙනම් මම ජිමින්ට කියනව හෙට අලුතෙන් Secretary කෙනෙක් තෝරන්න මීටින් එකක් දාන්න කියල "

" හ්ම්...එන එන එකා අස්කරන්න වෙන එක වදයක් බන්...මේක නිකන් Secretaryල ට්‍රේනින් කරන තැනක් වගේනෙ...එනව යනව එනව යනව..."

" එනව යනව නෙවෙයි බන්...එනව අස්කරනව එනව අස්කරනව...අපි මේ පාර කොල්ලෙක්ව තෝරමු"

" ඕකුනුත් මම ලගට ආවම gay වෙනව බන්...මතක නැද්ද කලින් එකා"

යූන්ගිට එතකොට මතක් උනේ දැනට මාස පහකට කලින් අද වැඩ කරපු දාසය වෙනි Secretaryව අස් කරන්න කලින් මෙතන වැඩ කරපු එකොලොස් වෙනි Secretaryව...කවුරු හරි වැඩිපුරම Secretaryල ගානක් එක්ක වැඩ කරපු CEO තෝරන තරගයක් තිබ්බොත් වාද විවාදෙකින් තොරවම ටේහයුන්ග්ට පලවෙනි තැන ලැබෙනව කියල යූන්ගිට විශ්වාසයි...

He Is My Type Where stories live. Discover now