4 》》

726 127 61
                                    

වෙනද දැනිල නැති උණුහුමක් දැනෙද්දී හෙමීට ඇස් ඇරිය ජන්ග්කුක්ට තේරුනේ තමන් ඉන්නෙ කෙනෙකුගෙ නිරුවත් පපුවක් උඩ ඔලුව තියාගෙන ඒ කෙනාගෙ අත් දෙකට මැදි වෙලා කියල...

ඒත් එක්කම කලින් දවසෙ රෑ මතක් උන ජන්ග්කුක්ගෙ කම්මුල් රතු වෙද්දී ජන්ග්කුක් එහෙමම ඔලුව උස්සල තාමත් නින්දෙ ඉන්න ටේහයුන්ග් දිහා බැලුව...

මනුස්සයෙක් උදේ ඇහැරෙද්දිත් මෙච්චර කඩවසම්ව පේන එක ගැන ජන්ග්කුක්ට පුදුම හිතුනත් ජන්ග්කුක් දිගටම ඒ ඉටි රූපයක් වගේ මූණ දිහා බලාගෙන ඒ මූණ තවත් සරසන්න වගේ ඒ මී පැණි පාට හමට ඉරිසියාවට වගේ ඒ මූණ උඩ තියෙන උපන්ලප තුන උඩ හෙමීට ඇගිලි තිබ්බා...

ටේහයුන්ග්ගෙ ජෝ ලයින් එක දිගේ ඇගිලි ඇදගෙන ආපු ජන්ග්කුක් ටේහයුන්ග්ගෙ බෙල්ල දිගෙත් ඇගිලි ගෙනත් ටේහයුන්ග්ගෙ පපුවෙ තමන් ඔලුව තියන් ඉන්න කොටස ඇර තමන්ගෙ ඇස් ඉස්සරහ තියෙන කොටසෙ හෙමීට ඇගිලි යවන්න ගත්තෙ ටේහයුන්ග්ට ඒ සියුම් පහසට ඇහැරෙද්දී...

" ජන්කූ..."

නැගිටපු ගමන් තවත් ගැබුරු වෙලා ඇහෙන ඒ හඩට තමන් ඇබ්බැහිවෙනව වගේ ජන්ග්කුක්ට දැනෙද්දී ජන්ග්කුක්ගෙ රතු උන කම්මුල් දිහා ටේහයුන්ග් ආදරේ පිරුණ බැල්මකින් බැලුවා...

" හ්ම්...ගුඩ් මෝනින් ටේ"

" ජන්කූගෙ ඇග රිදෙනව වගේද?"

" ටිකක්...පලවෙනි පාර නෙ "

" මම වාසනාවන්තයි එහෙනම්...ඔයාගෙ පලවෙනිය වගේම අන්තිමයත් මට වෙන්න ඕන ජන්කූ"

" හ්ම්...ඉතින් කවුරුවත් තහනමක් දාල නෑනෙ ඔයාට"

ජන්ග්කුක් දීපු උත්තරෙන් ටේහයුන්ග්ගෙ හිතට ධෛර්යයක් එද්දී ටේහයුන්ග් තමන්ගෙ අදහස කිව්ව...

" දැන් දවල් වෙන්න කිට්ටු වෙලානෙ...මීටින් එකත් හොබා කැන්සල් කරල දාන්න ඇති...ඒ නිසා අද නිවාඩුවක් ගමු අපි දෙන්න"

" නිවාඩු අරගෙන...ඊට පස්සෙ?"

" අපි අද ඩේට් එකක් යමු"

He Is My Type Where stories live. Discover now