2 》》

613 141 100
                                    

Lee කම්පැනි එකත් එක්ක දාගත්ත මීටින් එකේ presentation එක දිහා බලන් හිටපු ටේහයුන්ග්ගෙ අවධානය වෙනස් උනේ කවුරු හරි තමන්ගෙ කකුල දිගේ යටි පතුල අතුල්ලනව දැනුන නිසා...ඒ කෙනාගෙ කකුලෙ ඇගිලි තමන්ගෙ කකුල දිගේ උඩ පහල යනව දැනෙද්දී තමන්ට ඉස්සරහ බලපු ටේහයුන්ග් දැක්කෙ මිස්ට.ලී ගෙ Secretaryව...

තද කලු පාටට අයිලයිනර් ඇදපු ඇස් කොනෙන් හනා ටේහයුන්ග් දිහා බැලුවත් ටේහයුන්ග්ට දැනුනෙ තමන් බය උනා වගේ...වැඩිය හැඩ කරන්න ගියපු හනාගෙ මූණ වෙස්මූණක් වගේ වෙද්දී අවංකවම පොඩ්ඩක් බය හිතුන ටේහයුන්ග් තමන්ට එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න ජන්ග්කුක්ට කතා කරා...

" ජන්ග්කුක්...ඒයි...ජන්ග්කුක්..."

" ඇයි සර් ?"

" ඉස්සරහ ඉන්න ගෑනි මගේ කකුල දිගේ ඒකිගෙ කකුල යවනව...මාව බේරගනින්කෝ මොනව හරි කරල"

" කකුල එහාට ගන්න ඉතින්"

" මේ පුටුව තව පස්සට කරගන්න බෑනෙ බන්...ඊලඟට කට්ටිය බලයි ඇයි කියල "

" හ්ම්..."

පොඩ්ඩක් කල්පනා කරපු ජන්ග්කුක් ෆයිල් එකක පින් කරල තිබුන ඩ්‍රෝවින් පින් එක අතට අරගෙන තමන්ගෙ සපත්තුවක් ගලවලා මහපට ඇගිල්ලයි අනිත් ඇගිල්ලයි අතරෙ ඩ්‍රෝවින් පින් එක හිරකරගෙන ලාවට කකුල ඉස්සරහට කරල ටේහයුන්ග්ගෙ මූණ බැලුවම දැක්කෙ බෙරි වෙලා තියෙන ටේහයුන්ග්ගෙ මූණ...

" ඔය අනින්නෙ මගෙ කකුලට...තව ටිකක් ඉස්සරහට කරල අනින්න"

ටේහයුන්ග් කිව්ව වගේම තමන්ගෙ කකුල පොඩ්ඩක් ඉස්සරහට කරපු ජන්ග්කුක් එහෙමම කකුල තද කරේ ඩ්‍රෝවින් පින් එක මිස්.හනාගෙ කකුලෙ ඇනෙද්දී...

ජන්ග්කුක් මොකුත් නොකරා වගේ presentation එක දිහා බලන් හිටියත් මිස්.හනා නම් කෑ ගහගෙන නැගිට්ටෙ තමන්ගෙ කකුල හිල් වෙනව දැනුන නිසා...

හැමෝම කලබල වෙලා වගේ හනා දිහා බලද්දී ජන්ග්කුක් නම් ෆයිල් එකක් චෙක් කරන්න ගත්තෙ ටේහයුන්ග්ට දාඩිය දාන්න ගද්දී...මොකද වැඩේ කරේ ජන්ග්කුක් උනාට හනා ඉස්සරහ වාඩිවෙලා හිටියෙ ටේහයුන්ග් නිසා...

He Is My Type Where stories live. Discover now