05. 💙

127 20 2
                                    


ළාවට ඉර එළිය වැටීගෙන එන උදේ පාන්දර මරදාන ස්ටේශන් එක ඉස්සරහ කිරි හලෙන් කල් කිරි බෝතලයක් බොන එක මොන තරම් නම් රසවත් දෙයක් ද....

ඒත් ඒක මීටත් වඩා ගොඩක් රසවත් දෙයක් වෙන්න තිබුන මං  තනියම හිටිය නම් ...ඒත් ඉතිං පවට පින දෙන්න බෑ කියන්න වගේ ට්‍රේන් එකේ එනකල් කට කපලා බුදියපු මනීෂයි කෝසලයි දෙන්නා උන් දෙන්නගෙ කිරි එකත් බීලා අහිංසක මගෙ කිරි එකත් උදුර ගත්තා...

අද අපි තුන් දෙනාම හිටියෙ ට්‍රැක් කිට් ගහලා...උදේ ස්පෝට්ස් මීට් හින්දා අපි අද වෙනදටත් වඩා කලින්...  තව අවුරුදු එක හමාරකින් මේ ජීවිතේ ඉවර වෙනවා... එතකල් කරන්න පුලුවන් හැමදේම ඉස්කෝලේ ඇතුලෙ කරන්න ඕනෙ ...නැත්තම් වෙන්නෙ ආයෙම ඉස්කෝලේ  ගේට්ටුව පහු කරද්දි හූල්ලන්න ...

" ඒක නෙවේ අහස්‍ය....  උඹ අර මල්ලිව අදුරන්නෙ කොහොමද ..."

"කාවද..."

"අර ඊයෙ හවස උඹට බොම්බ මොටයි දුන්න කොල්ලා බං..."

".....දිශේන්ද...."

"උඹ නමත් දන්නවනෙ..."

මාව ගැස්සිලා ගියා... මනීෂ ඇහුවෙ මගෙ සීනි කුරුල්ලා ගැන වෙද්දි පාන්දර දෙක තුන වෙනකල්ම මගේ නින්දයි හොද සිහියයි සම්පූර්ණයෙන් නැති කරාපු ඒ බෝල ඇස් දෙක මට ආයෙම මං ඉස්සරහා මැවිලා පේන්න ගත්ත... අනේ මනීෂ උඹ මොකද්ද ඒ කරේ....ඇයි එයාවම මතක් කරේ...

"ආ...මේ...නෑ මං දන්නෙ නෑ ..."

"දන්නෙ නැත්තම් ඇයි ඌ උඹට බොම්බ මොටයි දුන්නෙ..."

"ඌට හිත ගියාද දන් නෑ නෙ බං..මූත් ඉතිං ශාරුක්  වගේ හැන්ඩියනෙ..."

"අනේ මේ කෝසල... "

"ආ..ආ... මොකෝ උඹ රතු වෙන්නෙ... දැන් උඹ gay  කපල් ගැනත් හරි උනන්දුයිනෙ..ම්න්...යම් කිසි දෙයක් සිද්ද වෙනවා වගේ..."

මනීෂගෙයි කෝසලගෙයි කටවල් දෙක නම් ආයෙ නෑ තකට තක... උන් දෙන්නා ඉදන් මට අර අහිංසකයා පාවා දෙනවා... මල විකාර...

"මං කොල්ලන්ට ආස නෑ යකෝ...."

"මුලින් පටන් ගන්නෙ නම් ඔහොම තමා කවුරුත් ...පහුවෙද්දි තමා ස්ට්‍රේට් ලයින් ඇද වෙන්න ගන්නෙ...ම්න්..ම්න්...ඔහොම යමුකෝ.."

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now