ද්...දිශේන්....!!
මේඝ....හැළුනනේ....ම්හ්....
උඹට මට ....
එහෙන් කැරකිල්ල වගේ .... කකුල් දෙකත් එක්ක මුළු ඇගම ලාවට හිරිවැටිලා ගිහින්..... හරියට කුඩු නැති උනාම කුඩ්ඩොන්ට සික් එක ගහනවා වගේ...ඒ කොච්චර උනත් නාලාගිරිගෙත් වෙරි හිදෙන්න තරම් යටගිරියෙන් බෙරිහන් දුන්න දිශේන් හන්දා මං හුලගටත් වඩා වේගෙන් පල්ලෙහාට දිව්වා.....තේ හදන්න ගිය එකාට හෙන ගැහුවද...
ඇත්තමයි මූට මට පව් දෙපිටින් යන්න දෙන්න හිතුනා ... ඒකා ඉන්නවා....උණු කරපු වතුර එක ඇගට හලාගෙන... ඒ අස්සෙ ජොග්ගුවට දාගත්ත පිටි සීනි සේරම ඇගේ .... ඔක්කොමත් හරි අච්චර උණු වතුර හලාන මූ තවත් හාවා වගේ බලන් ඉන්නවා
" මෙහෙ වර ඕක ...වතුරට අල්ලපිය කෑගහන්නෙ....මොනා හරි මගුලක් කරගන්නවනෙ...."
" ම්හ්ම්...බනින්නෙ....."
" බනින්න නෙවේ වටින්නෙ මරන්න....බලපිය වැඩිය පිච්චිලා නැති හන්දා හොදයි ..එක්කො ඇදුම් ටික ගලවලා අහක් කරන්න ඕනෙ .....බූරුවෙක් වගේ බකන්නිලන් බලන් ඉන්නෙ නැතුව...."
වෙලාවටම අද සීනි කුරුල්ලගෙ ගෙදර මෙලෝ මනුස්සයෙක් නෑ .... නැත්තම් තව මගුලක් වෙනවා...
උණු වතුර හැලිලා කීවට මේ යකාගෙ තියෙන විසේට වතුර එකෙන් චුට්ටක් ඇගට ඉහිලා විතරයි ... බඩ හරියට වෙන්න චුට්ටක් පිච්චිලා රත ගහලා....එහෙම නැතුව මේ කෑගැහුව තරම් මගුලක් වෙලා නෑ .....
ඕන් නැති තේ එකක් නෑ කියල මං ඒකවත් ඇදන් කාමරේට ආවා... ඒකා ඉන්නවා සීනි කූර වගේ මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබා...
" දිශේන් ..... වැඩිය පිච්චුනේ නෑ නෙ .... බඩට චුට්ටක් ඉහුනා විතරයි නෙ.... කලිසමට වැටුන් නෑ නෙ....බලනවා තමුසෙගෙ හැටි....ඇග පුරාම පිටි....තේ හැදුවද නැත්තම් කිරි පිටි නෑවද...."
පිට රත් වෙන්න පාරවල් දෙක තුනක් එක්ක කලිසමයි ටීශර්ට් එකයි දෙකම ගලවලා දාපු මං තවත් කොහෙ හරි පිච්චුනාද කියල බැලුවා.....වෙලාවට නෑ ...
මගෙ මෝඩ කුරුලු පැටියා ඉතිං .... ඇස් දෙක කරකවන්න විතරයි උඹ දන්නෙ...
දිශේන්ව වොශෲම් එකට තල්ලු කරපු මං එයාට නාගෙන එන්න කියල ආයෙම කොට්ටයක් අස්සෙ මූණ ඔබා ගත්තා.....මේ බෙහෙත් තනිකරම බ්‍රේන් වොශ් වගේ... අධිමාත්‍රික නින්දකට පස්සෙ ආයෙම ඩෙටොල් දාලා හේදුවා වගේ මනස නිරවුල් වෙනවා...
YOU ARE READING
COTTON CANDY ᡣ𐭩°
Non-Fictionනිල්පාට හැගීමක්... 💙 නෑ ......ඒක බොම්බ මොටයි රස ආදරයක්...💙 . . . Started on : 24.01.2024 End