26. 💙

69 11 9
                                    

අපි පාවෙන ලෝකේ...
ඇවිදින චාරිකාවේ...
දවසක පාවේදෝ අහසේ...
හද අල්ලන්න ආස ගමනේ...

බයික් රයිඩ් එකක් යන ගමන් අහන්න සුපිරිම සිංදුවක් මේක...ලාවට ඉර එළිය වැටුන උදේකට වඩා ඒක සුපිරියටම දැයෙන්නෙ ඉර බැහැගෙන යන හවසකට....ඒත් ඉතිං මං නම් මේක අහන්නෙ මේ දෙකටම නැති වෙලාවක...

මමයි කෝසලයි උන්නෙ ලිතිණකාරයගෙ ගෙදර යන ගමන්...මේ පාර ටර්ම් ටෙස්ට් ලකුණු ආයෙ නෑ සනීපයි... පිසික්ස් කෙලින්ම ෆේල්...ආයෙ ඉතිං සබ්ජෙක්ට් තුනටම ලොවෙත් නෑ ලොවි ගහෙත් නැති වෙන්නම කෙලවිලා ගිහින් තියෙද්දි මොනව උනත් ලිතිණකාරයගෙ සමහර ටෙක්නික් මරු කියල හිතුනකමට අපි දෙන්නම එහෙ යන්න තීරණය කරා...මොකො සෙල්ලම් කරන්න කාලයක් නෑ ...තව මාස තුනෙන් අපි දහතුනේ...

හැබැයි ඉතිං මං මේ  මල්වට්ටිය වගේ පිටිපස්සෙ ඉදන් හෑන්ෆ්‍රී ගහන් යන්නෙ වෙන මුකුත් නිසා නෙවේ කෝසලයගෙ නින්දා අපහස දරාගන්න බැරි හින්දා...මේ ඔක්කොටම මුල වෙන මුකුත් නෙවේ මගේ සීනි කුරුල්ලා...

සීන් එක කියන්නෙ මෙහෙමයි... ඒක උනේ ඊයෙ අපේ පිසික්ස් පීරියඩ් එකේදි...

" ඔයාලගෙ ප්‍රැක්ටිකල් ලියපු පොත් ටික ගෙනත් දෙන්න ළමයි මට බලන්න..."

කලින් දවසෙ ප්‍රැක්ටිකල් ලීව පොත ඒ විදිහටම බෑග් එකේ තිබ්බ නිසා මං ආයෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ටීචට ගිහින් පොත දීලා ඇවිත් ගාණක් හදන්න ගත්තා...ඒත් ඊට පස්සෙ උනේ මං හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන දෙයක් ...අඩුගානෙ උනේ මොකද්ද කියල මට තවවත් හිතා ගන්න බෑ...

" වාව් අහස්‍ය... ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ආදරෙයි වගේනේ...ආදරේට කියන්නෙ සීනි කුරුල්ලද..."

මුළු ක්ලාස් එකේම එවුන් හෙන සයිලන්ට් මොඩ් එකේ ඉදලා ටීච කීව දේත් එක්ක බක බක ගාලා හිනා වෙන්න ගත්තා...ඒ විතරක්ද අර පන්ති නායකයා ඉමල් මගෙ පොත අස්සෙ තිබ්බ ඒ කොලේ අරන් පන්තියටම ඇහෙන්න කියවලා මාව සත්‍ය ප්‍රේමයේ භෘංගරාජයා කෙරෙව්වා මදිවට  මට කාඩ් එකකුත් ගැහුවා සීනියා කියල ...මොකද ඒ නිසදැසේ අන්තිමට තිබ්බෙ ඔයාගෙ සීනි කුරුල්ලා කියල ... වෙලාවට හැබැයි නමක් නොතිබ්බෙ නැත්තම් මං ඉවරෙටම ඉවරයි ...

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now