ටෙරාන් හිටියේ සෙනසුරාදා දවල් ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් . ශොටක් ඇදගෙන අල්මාරියෙන් ටී ෂර්ට් එකක් තෝර තෝර හිටිය ටෙරාන් ගාවට ආව අභිත් ටෙරාන්ගේ අත් යටින් අත් දාලා ටෙරාන්ව උස්සගෙන වට දෙක තුනක් කැරකුණා. අභිත් පිටිපස්සෙන් ඇවිත් ඉස්සුව නිසා අභිත්ගේ මූණවත් පේන් නැති ටෙරාන් කකුල් දෙක ගස ගස දගලන්න ගත්තා. ටෙරාන්ව බිමින් තිබ්බ අභිත් ටෙරාන්ව එයාගේ පැත්තට හරවගෙන නළලට දිගඅඅ හාද්දක් දුන්නා.
" මොකද අභූ එකපාරටම වුණේ ? "
අභිත්ගේ උරහිස් දෙකෙන් අල්ලගෙන ටෙරාන් අහද්දි අභිත්ගේ ඇස් දෙක සතුටින් දිලිසෙන විදිය ටෙරාන් පහැදිලිවම දැක්කා.
" ඔයාගේ results out වෙලා. "
" කෝ බලමු. "
ටෙරාන්ගේ mail එකත් අභිත්ගේ phone එකේ තිබ්බ නිසා අභිත් ටෙරාන්ගේ account එකට log වෙලා result sheet එක පෙන්නුවා.
Listening 8
Reading 8
Writing 7.5
Speaking 7.5Overall Band Score 7.5
" 7.5 ක්. දෙයියනේ එච්චර... "
" කට වගේම වැඩත් තියනව නේ. "
" අහ්හ්... නැතුව. වැඩ්ඩෙක් තමයි ඉතිං. "
" මට තිබ්බෙත් 6.5 බන් . වෙලාවට Ausi 6 න් ගන්න නිසා අව්ලක් උනේ නෑ. "
අභිත් ගාවම හිටගෙන phone එකට එබීගෙන හිටිය ටෙරාන්ගේ ලිප්ස් වලින් අභිත් පෙක් එකක් තිබ්බා.
" දැන් මට ඔයා මොනාද දෙන්නේ... "
" මන් one year Course 3 ක් බැලුවා. ඒකෙන් හොදම එක බලල කරමු. මොකද degree එකක් කරන්න කලින් ඔයාගේ business management knowledge එක හදාගන්න ඒකක් කරල ඉන්න එක හොදයි. "
" අනේ අභූ මේ... මට ඔය තෑග්ග එපා. ඔයාම තියාගන්න. "
"කොහොමත් තමුසෙගෙ වැඩ වලින් බාගයක් කරන්නේ මමනේ බබා. බොරුවට දගලන් නැතුව ඉන්නවා. "
" දැන් අපි මේක සමරන්නේ නැද්ද අනේ... "
" නෑ. "
" හිත රිදුන හොදේ... "
අභිත්ගේ උරහිසට අත මිට මොලවල පාරක් ගැහුව ටෙරාන් අභිත්ට රවල අහක බලාගත්තා.
" සදුදට කොහෙ හරි යන්. දැන් මට පරක්කු වෙලා තියෙන්නේ. ඉක්මණට ඇදුමක් දාගන්න. "
YOU ARE READING
✅ අභිරන් 🌹 | Sinhala BL
Non-Fictionමට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08 Cover credit goes to :- Lochi_Jeon