3 වන කොටස

259 32 6
                                    

"කොහෙද බල්ලො හිටියෙ ? "

පරක්කුවට කෑ ගහන චනුසදගෙ දිහාවට බෑග් එක දමලා ගහන ගමන් මං දොර ලගට ගිහින් සපත්තු දෙක ගලවලා බෝඩිම ඇතුලට ගියා.

"බොසා ටවුන් එකේම කඩවල් වැහුවද නැත්නම් කඩවල් කැඩුවද ? "

එකෙක් ඉවර උනාම අනිකා කියලා තේෂ් කට ඇරියා. මුකුත් නොකියම මං වතුර වීදුරුවක් අරන් ඇවිත් සෝෆා එක උඩින් වාඩි උනා.

වතුර උගුරක් බොන්න ගත්තා විතරයි ⁣තේෂුවගෙ අත දඩාං ගාලා පිට හරහට ඇවිත් නතර උනේ. වතුර ටික ඔක්කොම චනුසදගෙ මූණ සේරගෙම.  මිනිහගෙ කේන්තිය මොලොස්සෙම යන්නැති ඉතින්. වතුර උගුර චනුසදගෙ මූණ හෝදපු විනාඩියෙම තේෂ්ගෙ අතින් ඇදලා මගෙ උරහිස උඩින් අරන් ⁣ඌ සෝෆාවට දාලායි මං නතර උනේ.

" මරන්නද හදන්නෙ යකෝ .. තෝ කරාටි කරාට මං ඔය ගුජරාටි දන්නෙ නෑ "

වැදුන පාර නොරිදුනාට ඇදලා ගනිපු පාර රිදුනා කියලා ⁣තේරුනේ එ⁣තකොට.

" තෝ නේද පටන් ගත්තෙ ? "

"උබනෙ හට්ටි මූණ හදන් ආ⁣වෙ "

" මගෙ මූණ හට්ටි උනාම උබට ඇති වැරැද්ද කියහං "

දෙන්නත් එක්ක මර ලතෝනි ගහගෙන යනකොට තේෂුවා ඇහෙන් සන් කරල ගල් පිලිමෙ වගේ ඉන්න චනුසදයව පෙන්නුවම තමයි දෙන්නම එකපාරට උ⁣ගෙ දිහාවට හැරුනෙ.

මූණ දිගේ වතුර බේරෙන ගමන් හරිම නිස්කලංක විදිහට පිලිමයක් තිබ්බ වගේ සෝෆාව උඩ ඉදගෙන හිටියට ඒ මූණ නම් ගොඩක් දේවල් දේවල් කිව්වා. හැබැයි ඌ බලන් හිටි විදිහ දැක්කම දෙන්නටම හිනා ගිහින් නතර උනා ඇති.

විනාඩියක් විතර හිනාවෙලා තව හිනා උනොත් අරූගෙ දේසනාව අහන්න වෙන නිසා ලොකාමාරුවෙන් කට පියාගෙන දෙන්නම බිමබලාගත්තෙ සාලෙ මැද අවපීඩන කලාපයක් හැදිලා කියලා තේරුම් ගිය නිසා.

ඒත් එකපාරට ඔලුව නවං හිටි මට වැදුනෙ එසේ මෙසේ කූෂන් ප්‍රහාරයක් නෙවි. අවුරුදු ගානක කේන්තියෙන් ඇඹරිලා ගිය කූෂන් ප්‍රහාරයක් .

"සගෝ සටන් විරාම වලදි ගහන එක සාදාරන නෑ හරිත "

තේෂුවගෙ කෑ ගැහිල්ල ගනන් නොගෙන මගෙ ලගට ආපු චනුසදයා මගෙ ඔලුවටත් පාරක් ගහලා ඇරියට මො⁣කෝ ඒ ඌ සතුටට ගහපු පාරක්.

𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non ffWhere stories live. Discover now