42 වන කොටස

76 13 23
                                    

කට්ටිය බබාගෙ කාමරේ ගැන වදවෙන අස්සෙම සයාශ්ට ආපු කෝල් එකක් නිසා දොරත් ඇරන් ගාඩ්න් එකේ තිබුණ ඔන්චිල්ලාවට සයාශ් ගෑටුවෙ කාටවත් නෝට් නොවෙන්න.

" කියන්න මිස්ටර් ඉදුනිල් "

සයාශ් ඔන්චිල්ලාවෙ ටිකක් පැද්දෙන ගමන් කියද්දි එහාපැත්තෙ හිටිකෙනා උගුර පාදලා ලෑස්ති උනේ කතාව කියන්න.

" අනුජ් ගැන මොනාහරි හොයාගත්තද ? "

" ඔරිජිනල් autopsy report එක ළඟ තියෙන කෙනා හම්බුනා "

" නෑ.. ඇත්තටම "

ඉදුනිල්ගෙ කටහඩින් එච්චර හොද ප්‍රගතියක් මෙච්චර ඉක්මනට බලාපොරොත්තු  උනේ නෑ කියලා හොදටම තේරුනා.

" ඒ කෙනා බ්‍රයන් කවුද කියන්නත් දන්නවා.. ඒත් මට කියන්නෑ ඒ කවුද කියලා .. මොන විදිහකින් හරි කමක් නෑ මං ඒකත් හොයාගන්නවා.. "

සයාශ්ගෙ කටහඩ හරි ස්ථිරයි. මිනියක් මරලා හරි කමක් නෑ ඒක හොයාගන්නවා කියන තැන සයාශ් ඉන්නෙ.

" අනුජ් ගැන මොනවත් මතක් උනාද ?"

" නැහැ "

" මතක් වෙන්න විදිහකුත් නෑ.. "

ඉදුනිල් ඒක කියපු විදිහට සයාශ් පවා පුදුම වෙලා ගියා. එයා එහෙම කියන්න හේතු අහන්න කලින්ම ඉදුනිල් කතාව පටන්ගත්තා..

" පුනරුප්පත්තිය ගැන දරුවෙක් කතා කරන්න ගන්නෙ වයස අවුරුදු තුනත් පහත් අතර කාලසීමාව තුළ. ඒ කාලෙ ඇතුලත ඒ ළමයාගෙන් තව දේවල් අහලා කරලා දැනගත්තෙ නැතොත් එතනින් එහා දේවල් හොයාගන්න බෑ. මොකද පුනරුප්පත්තිය ගැන දේවල් මතක් කරන්න පුළුවන් අවුරුදු දහයට මෙහා වයසක කෙනෙක්ට විතරයි.. ඒ කාලෙ පැන්නට පස්සෙ එයා ස්වභාවිකවම ඒක ගැන කතා කරන එක නතර කරනවා.. සයාශ්ට උනත් ඔය හීනෙට වඩා දෙයක් මතක නොහිටින්න හේතුව ඒකයි. "

" ඒවා මතක් කරගන්න විදිහක් නැද්ද ? අඩුම බ්‍රයන්ගෙ මූණවත් මට මතක හිටලා ඇති නේ.. "

" තව දේවල් හොයාගන්න බලන එක හොද නැද්ද ? එක ක්‍රමයක් තිබුණත් ඒක මාරාන්තික වෙන්න පුළුවන් උත්සහයක් ! "

අවසාන ටික බර කරලා ඉදුනිල් කියද්දි සයාශ් හොද හුස්මක් පහළ හෙලුවා.

𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non ffWhere stories live. Discover now