37 වන කොටස

77 15 24
                                    

Kollawa pana pitin ona nm video call ekk aran mute krnna

ඒ එක්කම තිබුණ ෆොටෝ එකේ තුරුල් තාත්තගෙ ඉස්සරහ වාඩි වෙල ඉන්නවා මේසෙ යටින් පිස්ටල් එකක් ඒම් කරන් තව මනුස්සයෙක් තුරුල් දිහාවට.. 

මං දෙපාරක් නොහිත කාර් එක පාර අයිනෙන් නවත්තලා අර නම්බර් එක⁣ට වීඩියෝ කෝල් එකක් ගත්තා.. තුරුල් ඉන්නවා තාත්තා දිහා බලාගෙන.. බයක් කියලා නාමයක් ගෑවිලා නෑ .. අර හුරතල් මූණමයි..

" ඔය ළමයා සයාශ් එක්ක තියෙන සම්බන්ධෙ නවත්තන්න ඕන.. "

" ම⁣ට මේවට හේතු ඕන.. කාරණා අංක එක ඇයි මං එයාගෙ බාප්පා කියන දේවල් අහන්න ඕන...?  හරිනම් මගෙ මාමණ්ඩි කියන දේවල්නෙ අහන්න ඕන.. මේ වැරදිලාවත් අංකල් යාශ් අප්පච්චිත් එක්ක එකගේ කන්න වගේ ගියේ නෑනේ.. මෙච්චර ඉන්වෝල් වෙන්නෙ... "

" කටවහගනින්...!!!! "

" අයියෝහ් කෑ ගහන්න එපා අනේ .. ඔයාට වලකජු සෙල්ලම් කරන්න තා වයස තියේ.... කාරණා අංක දෙක යාශ් පවුලෙන් අයින් වෙලා ඉන්නවානම් ඇයි අංකල් ඔයාලට ඔච්චරටම කසන්නෙ... මං අහන්නෙ අපි බ්‍රේක්අප් උනාම අංකල්ගෙ කැසිල්ල නතරවෙනවනම් දොස්තරලා අච්චර නැහෙන්නෙ අපරාදෙනෙ නේ..නැද්ද අංකල්.. ? "

බය කැලේ මට බකස් ගාලා හිනා ගිහින් ⁣ස්ටෙයරින් වීල් එකට ගැහුව පාර හෝන් එක වැදිලා පාරෙ යන මිනිස්සුත් මං දිහා බැලුවා..

" බක පණ්ඩිතකම පැත්තක තියනවා අයිසේ..  තමුසෙ තිවිරුගෙ යාලුවා නිසා මං මෙච්චර හරි ඉවසන්නෙ..  නැත්තං ඔලු කට්ට කුඩු කරලා... තමුසෙ සයාශ්ගෙන් අයින් වෙන්න අපෙන් මොනාද වෙන්න ඕන ? ඕන වියදමක් දෙන්නම් .. "

තුරුල් කට කොනෙන් හිනා වෙලා එතන තිබුණ වයින් ග්ලාස් එකේ දාරෙ දිගේ ඇගිල්ල ගෙනියනවා... බයක් කියලා නාමයක් මූණක නෑ ..

" cloud hotel group  එකේ ශෙයාර්ස් වලින් සීයට පහයි... ටෙන් මිලියන් කෑෂ් මගෙ එකවුන්ට් එකට යන්න ඕන.................................. කියලා මං කියයි කියලා හිතන් හිටියනම් අංකල්ට ගොඩාාාාරියක් වැරදිලා.. "

කේ ඩ්‍රාමා එකක් බලනවට වඩා මේක ආතල්.. මට හිනා වෙලා හිනා වෙලා බඩත් කොර වෙලා දැන්.... තාත්තා හැරුන හැරිල්ලට තුරුල් වයින්නාන්නයි යන්නෙ...  තාත්තා එතන තිබුණ වයින් ග්ලාස් එකට අත තියන්න හදද්දිම තුරුල් ග්ලාස් එක තියලා තිබුණ මැට් එක එයාගෙ පැත්තට ඇද්දා..  සෝචනීය විදිහට වයින් වීදුරුව තාත්තගෙ ඇගේ හැලුනා...

𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non ffWhere stories live. Discover now