10 වන කොටස

138 29 3
                                    

" මං ගිහින් බයික් එක ගේන්නම්." බඩු අස් කරන ගමන් හිටි තුරුල්ටයි චනුසදටයි කියලා මං ෂොප් එකට ආවා. ඒ වෙනකොට මොවිදුයි තේෂුයි ෂූට් කේ වැඩකටම එලියට ගිහින් තිබුනෙ. ඒ දෙන්නා එහෙමම බෝඩිමට යනවා කිව් නිසා අපි තුන්දෙනා විතරක් ඉතුරු උනා.

" Family meeting  එකක්.. උබලා දෙන්න යන්න "  චනුසදත් මාරු උනේ අපි දෙන්නා විතරක් ඉතුරු වෙද්දි.

" නගින්න "

" කමක් නෑ "

" පණ්ඩිත කතා පැත්තක තියලා නැගපං  "

" මං එන්නම් යන්න "

" මං ගෙදර තියෙන තැන බලාගෙන ඇවිත් රෑට ගේ බිදින්නෙ නෑ "  තුරුල්ගෙ ඇගට හෙල්මට් එක දමලා ගහන ගමන් මං කිව්වම මිනිහත් සද්ද නැතව ඇවිත් බයික් එකට නැග්ගා.

" මං තාම එක වතාවක්වත් බයික් එකක ගිහින් නෑ . "   

මං තාමත් බලාගෙන ඉන්නෙ මගෙ දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න තුරුල් දිහා. පුදුම මනුස්සයෙක්නෙ මේකා කොල්ලෙක් වෙලත් තාම බයික් එකක ගිහින් නෑ කියන්නෙ. හරිනෙ ඉතින් බයිසිකල් කට්ටක් පදින්නෙ ඒකනේ..

"  උබට මාව එච්චරට කෙයාලස් විදිහට පේනවද ? "

" මං වැටෙනවට කැඩෙනවට හරි බයයි පොඩිකාලෙ ඉදන් " 

කුම්බලා මාලු කෑවනම් විදෝපන් බ⁣ළලෝ කියලා නිකන් ඉන්න බැරුව මගින් හලාගෙන යන්න නග්ගගත්ත⁣ ගොං කමක් තේරුනේ මට පස්සෙ.

" අල්ලගන්නවා මාව හයියෙන් "

" කොහෙන්ද "

" තමුසෙට සේෆ් කියලා හිතෙන තැනකින් " 

මං කියලා තප්පරයයි ගියේ මගෙ පපුවට ටිකක් පල්ලෙහාට වෙන්න තුරුල් කිටි කිටියෙ මාව තද වෙන්නම බදාගෙන කිව්වට වැරදි නෑ. කිව්වත් වගේ පුදුම බයක්නෙව මේක.  ඊට වඩා හපන් මං හුස්ම ඇදපු විදිහ . මගෙ පපුවෙන් අල්ලලා හිරකරගෙන වගේ පුදුම අමාරුවක්. මෙච්චර කාලෙකට අර යක්කු දෙන්නට ඇර වෙන මොකෙක්ටවත් මගෙ ඇගිල්ලකවත් ගෑවෙන්න නොදීපු මට මේ මොකද මේ වෙලා තියෙන්නෙ ?

තුරුල්ව බය කරන්න බැරි කමටයි මගෙ තිබුන නර්වරස් ගතියයි නිසාම මම බයික් එක නෝමල් ස්පීඩ් එකේ අරන් ගියා. සමහර වංගු වලදි බයට තුරුල්ගෙ අත තදවෙන හැමවෙලේම මම ගැස්සිලා ගිහින් ඇගේ හිරිගඩු පිපිලා කියලා දැනෙන්නෙ වෙන දේ මටත් හිතාගන්න බැරුව. 

𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non ffWhere stories live. Discover now