5 වන කොටස

170 33 2
                                    


" ඉස්කෝලෙන් මැදිහත් උනොත් නේද සර් මෙතන ප්‍රශ්නයක් වෙන්නෙ. මං මේක පෞද්ගලිකව විසදුවොත් ? "

" Mr. සමරසිංහ සම්පූර්ණ වගකීම බාරගන්නවද ? "

" sure .. මේ අය මාව ඉස්කෝලෙදි මුණගැහුන කියලා වෙන කෙනෙක්ට සර් නොකියන තාක්"

ඔෆිස් රූම් එකේ දොරකඩට වෙලා වෙන දේ හිතාගන්න බැරුව ඉන්න අපිට ඔලුවෙන් සන් කරගෙන ඒ කෙනා බිල්ඩින් එකෙන් එලියට ආවා.

" තව විනාඩි පහලවක් තියෙනවා ඉස්කෝලෙ ඉවර වෙන්න.  මාව⁣ ගේට් එක ලගදි මුනගැහෙන්න "

අපිත් ඉතින් කිව්ව විදිහට එක හමාර වෙනකන් එතනට වෙලා බලාගෙන හිටියා. කිව්ව විදිහටම විනාඩියක්වත් පරක්කු නොවී එයා ගේට්ටුව ළඟට ආවා. කොහොමහරි කතා කරන්න නිදහස් තැනක් ඕන නිසා අපි beach road එකේ තිබුන රෙස්ටුරන්ට් එකකට ගියා.

" මම නුවන් සමරසිංහ .. දැනට ඉස්කෝලෙ AL biology  උගන්නන සර් විදිහට වැඩ කරනවා.  ඒ වගෙම මං ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් 93 A/L batch එකේ. "

හරිම නිවිච්ච විදිහට කතා කරාට අපි තුන් දෙනාම හිටියෙ බිරන්තට්ටු වෙලා. අපි හොයන් ගියේ වෙන තැනක් ඇවිත් නතර උනේ තව තැනක.

" මම සයාශ් සන්සක ... මේ මගෙ යාලුවො දෙන්නා චනුසද වික්‍රමසසූරිය. අනිත් තේෂ් මුදන්නායක "

අනිත් උන් දෙන්නට කතා කරගන්න තරම්වත් සිහියක් පතක් නැති නිසා මං කතාව පටන් ගත්තා.

"  ශාක්‍ය හෙට්ටිආරච්චි ... ඉස්කෝලෙ 93 AL bio batch එකේ top student  කෙනෙක්. ජීවත් වෙලා හිටියනම්  ⁣අද ඩොක්ටර් කෙනෙක් විදිහට බලාගන්න තිබුනා. "

Mr. සමරසිංහ බිම බලාගෙන කියද්දි මට පෙනුනෙ මගෙ එහාපැත්තෙ ඉන්න තේෂ්ගෙ ඇගේ මයිල් කෙලින් වෙලා තියෙනවා. එච්චර දෙයක් නොවුනොත් මගෙ හිත ඇතුලෙත් අමුතු දෙගිඩියාවක් නොතිබුනා නෙවි.

" බිග් නිව්ස් එක කිව්වෙ ඒකද ? "

චනුසදගෙ සුපුරුදු ප්‍රශ්න කිරිල්ල ආයෙත් පටන් ගත්තා.

" බිග් නිව්ස් එකේ කතා නායකයො තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ශාක්‍ය. "

එන්න එන්නම දේවල් දරුණු වෙනවා ඇර හිත නිදහස් කරගන්න පුළුවන් දෙයක්නම් අහන්න පුළුවන් උනේ නෑ .

𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non ffWhere stories live. Discover now