3 කොටස 🍁

51 10 2
                                    

ඉස්කෝලෙ ඉන්න කට්ටිය ම එක බැල්මෙන් ම හේට් කරපු අපේ පන්තියට අලුත් සර්...
දහම් සර් ආවත් හරි, අපේ පන්තිය ට එලිය වැටුණා.
අපිට ඇත්තටම අපේ පන්තිය පිළිවෙලට තියා ගන්න වත් උවමනාවක් කියල එකක් තිබුණේ නැහැ.
ඒත් සර්ට නම් අපිළිවෙල ගැන ප්‍රශ්නයක් තිබුණෙ නැද්ද කොහෙද..

හරි දරුවනේ මේ අහන්න...
අද වෙනකම් මේ පන්තිය අනාත නිවාසෙ වගේ වෙන්න ඇති. ඒත් දැන් ඉඳන් ඔයාල මං එක්ක වැඩ කරන්න කැමතියි නේද..?

කැමතියි සර්....

ඒක හොඳයි. ඔයාලට බාහිරෙන් එන ප්‍රශ්න මට නවත්තන්න පුළුවන්. ඒත් තමන් වැඩ කරන එක තම තමන් කරන්න ඕන දෙයක්.
ඔයාලට පාර පෙන්නන්න මට පුළුවන්. ඒත් ඒ පාරෙ යනවද කියල තීරණය කරන්න ඕන ඔයාලා.
ඔයාලා තමයි තමන් අනාගතේ කරන්නේ මොනවාද කියලා තීරණය කරන්න ඕන. ඒ වෙනුවෙන් මගෙන් වෙන්න ඕන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.

සර්... ඇත්තටම ඇත්තක් කියන්නද..?
අපිට කවුරුවත් මේ විදිහට වැදගත් කියල හිතල කතා කරල නෑ.
කතා කළොත් මොකක් හරි වැඩකට. සර් ආවා කියලා කියන්න ආව වෙලාවෙත් ප්‍රින්සිපල් සර් කියල ගියේ අපිට අට වසරේ එළවලු පාත්ති වලට වැට ගහන්න කියලා.

හොඳයි....
දමිත්.. දැන් මේ පන්තියට මම ඉන්නවනෙ. අට වසර වැව්වා නම් අට වසරම තමන් වවපු දේ පරිස්සම් කර ගන්න ඕනේ.
මගේ පන්තියේ දරුවන් ව මගේ අවසරයකින් තොරව ප්‍රින්සිපල් සර් ඇහුවත් යවන්නෙ නෑ මං නම්.
මොකද ඔයාල ඉස්කෝලෙ එන්නෙ ඉගෙන ගන්න. අනධ්‍යයන කාර්යමණ්ඩලය ඉන්නවනෙ ඔය වගේ දේවල් වලට උදව්වට...

සර් නම් කියනව සර්... ඒත් අපිට තව පැය බාගයක් විතර යනකොට ඇවිත් කෑ ගහන්න බැරි නෑ...

කෑ ගැහුවොත් මං බලාගන්නම්කො. ඔයාලට කොහෙන්ද ෆිසික්ස් නවත්තල තියෙන්නෙ..?

සර්... ආලෝකය...

හොඳයි... අපි පාඩම පටන් ගමු.
දරුවනේ කෝ හුණුකූරු...?

සර් අපෙන් අහනවා. හුටා....
මං වීරය වගේ ගිහින් බෝඩ් එක නම් මැකුව තමයි. ඒත් මට හුණුකූරු ගේන්න අමතක වුණා නෙ....

මැණික ඇහෙනවද මේ... A Jikook nonfic ✔️Donde viven las historias. Descúbrelo ahora