12 කොටස 🍁

32 8 2
                                    

MAHEESHA POV

දහම් අයියට හොඳටම නින්ද ගිහින්. මං හිටියේ දහම් අයියගේ පපුවට තුරුළු වෙලා උනත් මට නම් නින්ද අහලකටවත් ආවේ නෑ.
අයියා උදේ ඉඳන් හවස් වෙනකම්ම තවමත් ළමයින්ට උගන්වනවා.
එයා ඒක දේවත්වයෙන් අදහාගෙන කරන දෙයක්.. එයා කියන්නෙම තමන් කරන රස්සාවට අවංක නොවන අයට කිසිම රස්සාවක් පළ දෙන්නේ නෑ කියලා...
මම කැම්පස් ඉන්නේ... තව අවුරුද්දකින් මගේ special degree එක ඉවර වෙනවා. ඊට පස්සේ එක්කෝ මම කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් විදියට වැඩ කරනවා.
එහෙමත් නැත්නම් මාස්ටර්ස් එක කරල phd එක කරන්න රට යනවා..
මන්දා...
තාම හරි සැලැස්මක් නෑ. ඒ වුණත් අයිය කැමති නැති දෙයක් නම් මම කොහෙත්ම කරන්නේ නෑ.
මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව. තවමත් අයියා මට කැමති විදිහකට ජීවත් වෙන්න අවසර දීලා තියෙනවා. ඉස්සර ඉඳන් එහෙමයි....
එයා මගේ පෞද්ගලිකත්වයට තත්වයක් දීලයි වැඩකරන්නේ.
මම මගේම කැමැත්තෙන් කිව්වෙ නැත්තං එයා මාව ප්‍රශ්න කරන්නෙත් නෑ.
අපි දෙන්න අතර ආදරේට වඩා ගෞරවය තියෙනවා.
මම එයා අපි දෙන්නා වෙනුවෙන් ගන්න තීරණ ය වලට ගරු කරනවා.
එයා වෙනුවෙන් මං ගන්න තීරණ වලට එයා ගරු කරනවා...

සමන් මලිගෙ කසාදෙට ගිය පාර නම් මට බෙල්ලන්විල හිතට ඇල්ලුවා.
මම ජීවිතේ පළවෙනි වතාවට ගිය පන්සල තමයි බෙල්ලන්විල පන්සල. ඒ ගියත්  මට පන්සල ගැන නොතේරුන හැමදේම... වතාවත් ගැන හැමදේම... මට දහම් අයියා පැහැදිලි කරද්දී මට තේරුණා පන්සල කියලා කියන්නේ සමහර විට  චර්ච් එකටත් වඩා නිදහස් තැනක් කියලා.
පන්සලේදී වඳින ලොකු ගහ.... ඒකට දහම් අයිය එහෙම කිව්වේ බෝධිය කියලා. බෝධියේ කොළ හෙලවෙන හැටි බලාගෙන ඉන්නකොට හිත ගොඩක් සන්සුන් වෙනවා....
මට ඒ කොහොමද කියලා කියන්න තේරෙන්නේ නෑ.
ඒ වුනාට මට ඒ විදිහේ සංසුන් බවක් චර්ච් එකේදි නම් දැනිලා නෑ.
චර්ච් එකේදී දැනෙන්නේ සැනසීමක්. පන්සලේදී දැනෙන්නේ සන්සුන්කමක්. මේ වගේ නිදහසක් දැනෙනවා කියලා දන්නවනම් මම කවදාවත් පන්සල් යන්න විහාර එහෙම කතා කරද්දි අනිවාර්යයෙන්ම නොයා ඉන්නෙ නෑ.
පන්සලට අඩිය තිබ්බේ දහම් අයියට බෑ කියන්න බැරි කමට වුනත් ඇත්තටම පන්සල් වල ලස්සන හිත නිවනවා කියලා කියන්නේ බොරුවට නෙවෙයි කියන එක මට තේරුණා.
මම හරිම වාසනාවන්තයි .
දහම් අයිය හින්ද මට තවත් ආගමක මෙච්චර කල් නොදැක්ක ලස්සනක් දකින්න වාසනාව හම්බ වුනා. දැන් මම පන්සලකට ගොඩ වෙන්න දෙපාරක් හිතන්නෙ නැති මනුස්සයෙක් වෙලා.
එයත් මං වගේම මාත් එක්ක චර්ච් එකට යන්න එකතු වෙන එකෙන් අපි දෙන්නට දෙන්න පිලිගන්න දර්ශන දෙක ගැන පැහැදිලි කිරීම් අනිත් කෙනාට කියල දෙන්නත් අපිට පුළුවන් වුණා.
එයා වගේම මමත් අපි දෙන්නට දෙන්නව පිළිගත්තෙ ආගම ගැන තැකීමක් නොකර. එක අතකින් ආගම ගැන බල බල මිනිස්සු දෙපැත්තට වෙද්දි ආගම් දෙකක් විශ්වාස කරන අපි දෙන්නා හරිම සතුටින් ආදරෙන් ඉන්නෙ අනිත් කෙනා ගෙ ආගම ට අපහස කරන්න අපි දෙන්නගෙන් කාටවත් හිත හදා ගන්න බැරි නිසා.. ඒ ආදරේ විතරක් නෙවෙයි, අපි දෙන්නගෙ සම්බන්ධෙ බැඳලා තියන්නෙ ගෞරවය හින්දා. මම එයාගෙ ආගමට ගරු කරන තරමටම ආපිට මගෙ ආගමට එයාගෙන් ලැබෙන්නෙත් ගරු කිරීමක්... ඒ නිසා අපි දෙන්න හරිම සතුටින් ඉන්නව.

මැණික ඇහෙනවද මේ... A Jikook nonfic ✔️Where stories live. Discover now