09 කොටස

2.9K 310 37
                                    

උදේම අපුර්ව අවදි වුනේ කවුරු හරි නළලට දුන්න හාදුවකින්. ඇස් ඇරලා බැලුවාම මුලින්ම එයාට හිතුනේ හීනයක් කියලා. මිගාර මෙතන ඉන්න විදියක් නැහැනේ.

"හ්හ්හ්.. මි..ගා..ර.." අපුර්ව කෙදිරුවේ හීනෙන් මිගාරව දකිනවා කියල හිතාගෙන..

"බබා.."

"මිගාර..!!" අපුර්ව ගැස්සිලා ඇහැරුනේ ඊයේ වෙච්ච ඒවා තප්පර පහක් ඇතුලත එයාගේ ඔලුවේ ඇඳිලා මැකිලා ගියපු නිසා..

"ඇයි බය වුනේ..? ඔයා තාම මට බයයිද..??" මිගාර එයා ගාවින් ඉක්මනට අයින් වෙලා ඇහුවා.

ඔන්න හොටේ එල්ලගත්තා මූ..

"පළවෙනිම දේ මං තවුසෙට බය නෑ.. ඒක ඉතාම හොදින් මතක තියාගන්න. මට ආයේ ආයේ මතක් කරලා දෙන්න බැහැ.."

"බය නෙමෙයි.. මම ඊයේ කරපු දේ නිසා ඔයා තාම මාව අප්පිරියා කරනවා ඇති.."

"අනේ මේ මට උදේ පාන්දර නග්ගන්නේ නැතුව ඉන්නවද පින් සිද්ද වෙයි..?"

අපුර්ව එහෙම කිව්වම මිගාර වලත්ත හිනාවක් මුනට දාගත්තා. මොකක් හරි කියන්න ගිහින් යටි තොල හපාගත්තා..

"වලත්ත කමත් තියෙනවා... හැබැයි බයිලාත් ගහනවා.."

අපුර්ව තුවාල වුන අත රිද්දෙන්නේ නැති වෙන්න අනික් අතින් වාරු අරගෙන ඇඳේ විට්ටමට හේත්තු වුනා..

"රිදෙනවද තාම අත..?" මිගාරගේ මුණ ආයෙම අමුතු දුකකින් පිරුනා..

"නැහැ.. මුණ බෙරි කරගන්නෙපා එතකොට මගේ හිත රිදෙනවා.." අපුර්ව අත දික් කලේ මිගාරගේ අතින් අල්ලගන්න. මිගාර ආයිමත් ලං වෙලා අපුර්වගේ අතින් අල්ලගෙන අත දිගේ උඩට පහලට ඇගිලි ගෙනිච්චා.

මිගාර ගාවින් එන්නේ fresh ocean vibe සුවඳක්. එයා ලගට ආවාම අපුර්වට ඉබේම මුණ එයාගේ බෙල්ල දිහාවට හැරවෙනවා. තාත්තා ගාව විඳපු ජාතියේම උනුහුමක් අපුර්වට මිගාර ලගින් දැනුනා. ඒක හරිම ආරක්‍ෂිත හැඟීමක්.

වැඩි වෙලා මිගාරගේ තුරුලේ ඉන්න හම්බුනේ නැහැ කවුරු හරි දොරට තට්ටු කළා. මිගාර දොර අරින්න හැදුවත් අපුර්ව එයාට අතින් එපා කියලා නැගිටලා ගිහින් දොර ඇරියා.

ස්නේහ | CompletedWhere stories live. Discover now