තවමත් සිහියක් නැති මිගාරව ඇඳට එක්කන් ගිහින් හාන්සි කරලා, මිගාරගේ අත බැන්ඩේජ් එකකින් ඔතලා අපුර්ව කාමරේ දිහා බැලුවේ දැන් ටිකකට කලින් යකා නටපු සුන්බුන් දැකලා ඔලුව අවුල් වෙලා යද්දී.. සේරටම කලින් මේසේ උඩ හැලිලා තිබුන වතුර පිහදාලා වාස් එකේ විදුරු කටු සේරම අයින් කරලා දාපු අපුර්ව ආයෙමත් ඇඳේ හරිම සන්සුන් විදියට නිදාගෙන ඉන්න මිගාර දිහා බැලුවේ තව ටිකකින් ආයේ නැගිටලා මේක කන්ටිනිව් කරන බව හොඳටම දැනගෙන..
කාමරේ ආයේ පරණ තත්වෙටම අරගෙන අපුර්ව ඇඳ ලඟට ගිහින් මිගාර දිහා තව ටිකක් වෙලා බලන් ඉඳලා ආර්ට් රූම් එක ඇතුලට ගියා.. අලුතින් අදින්න ගත්ත චිත්‍රයක් දිහා අපුර්ව බලාගෙන හිටියේ ඒ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සහා කරන්න වගේ.. ඒ කාගේ හරි ඇස් දෙකක්.. කඳුලු වැටෙන ඇස් දෙකක්.. ඒ කදුළු දිගේ කවුරු හරි කෙනෙක් උඩට නගිනවා.. එක පැත්තක් විතරක් ඉවර කරලා තිබ්බ ඒ චිත්‍රෙ කාමරේ අයිනකට කරලා අපුර්ව ආයෙමත් කාමරේ වටේ ඇස් අරගෙන ගියා..
කාමරේ තිබ්බ නිස්කලංකකම හිතපුරා විඳින ගමන් අපුර්ව කලේ පුංචි ටේබල් එක අයිනක හේත්තු කරලා තිබුන ගිටාර් එක අරගෙන සෝෆා එකට බර වෙලා ඇස් දෙක පියාගත්ත එක.. ගිටාර් එකේ හෙඩ් ස්ටොක් එක හේත්තු වෙලා තිබුනේ දැන් ටිකකට කලින් මිගාරගේ ඇඟිලි පහම හිටපු කම්මුලට.. හෙමිට ගිටාර් තත් දිගේ ඇඟිලි තුඩු අරගෙන ගිහින් ඒ ඇඟිලි පාරවල් දිගේ අපුර්ව ඇඟිලි අරගෙන ගියා.. කම්මුල පුපුරු ගහන වේදනාවට වඩා, මිගාර කිසිම බයක් නැතිව වීදුරු කටු උඩට අත තද කරගත්ත එක මතක් වෙද්දී දැනෙන වේදනාව සිය දහස් ගුණයකින් වැඩියි. අපුර්වගේ දුර්වලම තැන මොකද්ද, අපුර්වව නවත්තන්න ඕන කොහොමද කියන්න මිගාර දැන් ඕනවටත් වඩා දන්නවා..
බර හුස්මක් පිට කරලා සෝෆා එකට ඔලුව හේත්තු කරගෙන හිතට ආපු වේදනාව පිට කරන්න වගේ අපුර්ව ගිටාර් තත් හඬවන ගමන් තාලෙට මුමුණන්න ගත්තා..
Dil Ka Dariya Beh Hi Gaya
The river of my heart has finally broken free
Ishq Ibaadat Ban Hi Gaya
My love for You has turned into devotion
Khud Ko Mujhe Tu Saunp De
Surrender Yourself to me
Meri Zaroorat Tu Ban Gaya
You have become my necessity
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...