20 කොටස

1.8K 241 15
                                    

"Good evening, ladies and gentlemen. I am honored to have the opportunity to address such a distinguished audience. It's great to see you all. Thank you for coming here today. I am here to provide you some exciting news that our company has decided to take up. As you can see on the screen----"

මිගාර ලස්සනම ලස්සන හිනාවක් මුණේ තියාගෙන කියාගෙන යද්දී අපුර්වට පුංචි ආඩම්බරෙකුත් හිතට ආවා.. ඒත් එක්කම වෙච්ච දේවල් මතක් වෙලා ආයෙම හිතට දුකක් ආවා..

කවද්ද එහෙම දෙයක් සිද්ද වුනේ.. කවුද වීඩියෝ කලේ.. ඇත්තටම මොකද්ද ඊයේ සිද්ද වුනේ.. ශික් මට කිසිම දෙයක් මතක නැහැනේ.. අපුර්ව එහා පැත්තේ හිටගෙන ඉන්න ජිතේන්ද්‍ර දිහා බැලුවා..

මිනිහා මට කිසිම වෙනසක් පෙන්නුවේ නැත්තේ ඇයි..? මම මිනිහගෙන් මේ ගැන අහනවද? ඇහුවට ඇත්ත කියිද..? වීඩියෝ කලේ කවුද ..? කවුද ඕක මිගාරට කිව්වේ..? වැඩේ මෙච්චර දුර ඇදුනේ මම ඉවෙන්ට් එකට එන්න ඕන නිසා ලෙඩ හංගන්න බොරු කියපු නිසා නේද? දැන් කිව්වට මිගාර පිලිගනිවිද?

ප්‍රශ්න කෙල කෝටියක් අපුර්වගේ ඔලුව වටේ කැරකෙද්දී එයා ආයෙම මිගාර දිහා බැලුවා.. මුළු ඕඩියන්ස් එකත් එක්කම අයි කන්ටැක්ට් මේන්ටේන් කරන මිගාර එයා මෙතන ඉස්සරහාම ඉඳලත් ඒ දිහා එක පාරක්වත් බැලුවේ නැහැ..

මට තව එක පාරක් හරි කතා කරන්න චාන්ස් එකක් දෙයිද..? දැන් කිව්වොත් හදලා කිව්වා වගේ වෙයිද?

අපුර්ව ආයෙම ඊයේ මොකද වුනේ කියලා කල්පනා කරන්න ගත්තා.. කිසිම දෙයක් මතකෙට එන්නේ නැහැ..

මේක ඉවර වුනාම ජිතේන්ද්‍ර ගෙන් අහනවා..

"Last but not least, I would like to express my gratitude to Jithendra Rajakaruna and Apurwa Karunarathna for organizing this extraordinary evening. Thank you both for your efforts, and I have complete faith that you will make a good pair to deliver this project with complete success. Finally, Thank you everyone once again and please enjoy the rest of the evening." මිගාර ඒක කිව්වේ ජිතේන්ද්‍ර දිහා බලාගෙන එවෙලේදිවත් අපුර්ව දිහා බැලුවේ නැහැ.

මුළු හෝල් එකම අත්පුඩි සද්දෙන් ගිලගනිද්දී අපුර්වට ආවේ දන්න මිනිස්සු ගොඩක් මැද අසරණ වෙලා වගේ හැඟීමක්.. ස්ටෑන්ඩ් අප් කොක්ටේල් එකක් නිසා හැමෝම තැන් තැන් වල හිටගෙන කන බොන ගමන් කතා කරනවා.. ජිතේන්ද්‍ර එක එක්කෙනාට අදුන්නලා දෙන්න එක්කන් ගියත් ආවේ හොද සිහියෙන් කතා කලා කියලා එයාට මතකයක් නැහැ. එයා  මිගාරගේ ඇස් හොයපු හැම වෙලාවකම මිගාර ඒ ඇස් මග ඇරියා.. ඒ වේදනාව දැනෙද්දී අපුර්වට තව මෙතන ඉන්න ඕන වුනේ නැහැ.. ගෙදර යන්නත් බැහැ.. මේ සේරම අස්සේ ජිතේන්ද්‍ර ගෙන් මොනවද ඊයේ වුනේ කියලා අහන්නත් බැහැ.. හැමෝම තම තමන්ගේ කතා වල.. ටිකකින් බෑන්ඩ් එක සින්දු කියන්න පටන් ගත්තා..

ස්නේහ | CompletedWhere stories live. Discover now