"මචං..!!!!!!"
"උදේ පාන්දර කෝල් කරලා කෑ ගහන්නෙපා හුත්තෝ.. උඹට කියලම මට දැන් තිත්තයි..!" සචින් නිදිමතේම කෑ ගැහුවේ තවම වෙලාව උදේ හතවත් වෙලා නැති බව දැකලා..
"මචං.. මම හිතන්නේ.. මම.. ප්‍රෙග්නන්ට්..!" භවන් කිව්වේ දෝරේ ගලාගෙන යන මවු සෙනෙහසින් බඩ අත ගාන ගමන්..
"ක්හැක්.. ක්හැක්.. මොකා..?" අපුර්ව උදේ පාන්දරම කකුල් දෙකත් උඩ දාගන බිබී හිටපු මයිලෝ එකත් පිට උගුරේ යද්දී ගේ දෙවනත් වෙන්න කෑ ගැහුවේ භවන්ගේ මෝඩකම් ඉවසලා බැරිම තැන..
"මට මචං දැන් උදේට උදේට වමනේ යන්න වගේ එනවා.. එක එක කෑම ජාති අප්පිරියා වේගෙන එනවා.."
"හ්ම්ම්.. ඉතින් කවුද උඹට කිව්වේ උඹ ප්‍රෙග්නන්ට් කියලා.."
"මම මගේ සිම්ප්ටම්ස් ටික ගූගල් කරලා බැලුවම මචං ඒකෙන් තමයි මම දැනගත්තේ.. ඉතින් කියපන්කො.. උඹලට සතුටුයිද..? උඹලා මාමලා වෙන්න යන්නේ.."
"හරි සතුටුයි මචං.. දෙවින් අයියා වැඩ්ඩා නේද..? මාස තුනක් ගියෙත් නැහැ උඹලා බැඳලා.."
"සචින්..! මූව අවුස්සන්නේ නැතුව ඉඳපන්.. නැත්තම් තව ටිකකින් මූ බබාට ඇඳුම් ගන්න යමන් කියලා එයි අපිව එක්කන් යන්න.."
"අඩෝ..!! නෝ..! උඹ කියන්නේ මම ප්‍රෙග්නන්ට් නැහැ කියලද අපුර්ව..? බල්ලා..!!"
"නැහැ නැහැ උඹ ප්‍රෙග්නන්ට්.. ට්වින්ස් හම්බෙයි.. බය නොවී ඉඳපන්.. අහපන්කෝ.. උඹලා කීයටද අරහේ අපාර්ට්මන්ට් එකට යන්නේ..?" අපුර්ව ඇහුවේ අද කට්ටියම අපුර්ව කලින් හිටපු අපාර්ට්මන්ට් එකට සෙට් වෙන්න දාගෙන හිටපු නිසා..
"7ට 8ට විතර..? ඇයි..?"
"නැහැ මම උදේ පොඩි වැඩ වගේකට ගිහින් පොඩ්ඩක් ඔෆිස් එකටත් ගිහින් එන්න බැලුවේ.."
"මොන ඔෆිස් එකටද.. උඹලට ඔෆිස් කීයක් තියනවද බං.." භවන් ඇහුවේ මාතෘ සිහිනය බොඳ වෙලා ගියත් ඒ ඕපදුපේ දැනගන්න උවමනාවෙන්..
"හස්බන්ඩ් ගේ එකට මචං.. හස්බන්ඩ්ගේ එකට.. මැරී කලායින් පස්සේ මම එකේ පස් පාගන්නවත් ගියේ නැහැ.. මට ඒකෙ හුඟක් ලොකු වැඩක් තියනවා දැන් සෑහෙන්න කාලෙක ඉඳන් කරන්න.."
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...