අනෝරා වැහි

1.7K 188 83
                                    


මහ කළු ගන වියනට රාත්‍රිය එළඹ තිබේ....!! වැහි කෝඩය නිසාවෙන් වෙනදාටත් වඩා කලින් මහ වනයට රාත්‍රිය එළඹුනේ ගෙම්බන්ගේ බෑඟිරි ගැහිල්ල කන් කරච්චලයක් වන තරමට වැඩි කරමිනි ........!!!

බොහෝසතා සීපාවා මහ වැස්ස නිසා එළියට නොබැස උන්ගේ වාසස්ථානවලම ගුලිවී සිටියේ අලි අතුන් හා කුළු මීමන් සතුටින් ඉපිලෙද්දියි...... මෙයාකාර දේවල් මහ වනේ තුල සිදුවෙද්දී රනාගෙ පැල දෙසින් මහ වනයට ඇදී ගියේ බතක් ඉදෙන සුවඳයි.........

"රනෝ මේ පොල් ඇද්ද ......??? "

"මදි.... මදි... අනික් බෑවත් ගාමු ඔහොමම .....!!!! "

"කෝ දීපන් එහෙනං අනික් බෑව.....!! "

"පොල් ඇති පොඩි හාමු.. වැව් මාළුවලට කිරි ඕනෙ නෑ.... කොච්චි සම්බෝලෙට විතරයි පොල් ඕනෙ......!!! "

"ඈ කොහෙන්ද වැව් මාළු...?? උඹ කොයි වෙලාවෙද වැවට ගියේ ...??? "

"මාළු කොහෙන්ද කියල උඹට වැඩක් නෑනෙ හාමු...!! උයල දෙන්නං කන්නයි තියෙන්නෙ .....!!!! "

මැටි ඇතිලියක දමා තිබූ සුද්ද කර ලුණු මිරිස් අතගාන ලද වැව් මාළු වගයක් ගත් රනා කටට කෙළ උනන බඩගින්න දෙතුන් ගුණේකින් වැඩිවන අයුරින් සුවඳින් හා රසින් අනූන ලෙස රතු දුඹුරු පාටින් තෙල් පෑදෙන්නට වැව් මාළු ටික පිසීය.........

එරික් මේ කාලය පුරාවටම අහස පොළොව ගැටගහන්න කල්පනා කරේ රනාට කොහෙන්ද මාළු කියායි.......

"අහසයි පොළොවයි ගැටගහල ඉවරනං කන්න එමු පොඩි හාමු ....!!! "

"ඈ උයල ඉවරයි ද .....??? "

එරික් රනාට මාළු හම්බුන විදිහ කල්පනා කරන අතරෙ වැව් මාළු ඇතිලිය ලිපෙන් බාපු රනා ඩිංග වෙලාවකින් කොච්චි සම්බෝලයක් හදල උණු උණුවෙම පිඟන් දෙකකට බත් මාළු බෙදුවෙ හිනාවෙමිනි.......!!!!

"පොඩි හාමු...!! මට මාළු හම්බුන විදිහ කල්පනා කරා ඇති දැන් කමුකො රස්නෙපිටම......!!! "

"උඹ එක්ක බෑ රනා...!! ඒපාර උඹ මගෙ හිතත් කියවන්න අරගෙන...!!! "

"ඒකනං මං කියවන්න ගත්තෙ එදා වෑකන්ද උඩදි...!!! මට තහංචි දාන්නද හදන්නෙ හිත කියවන්න එපා කියල පොඩි හාමු .......!!!!! "

රන්තලිය වලව්වWhere stories live. Discover now