නව බිම

948 144 56
                                    


තවමත් හරිහැටි ඉර නොබැස තිබූ පරිසරයේ පැවතියේ රත් තැඹිලි පාට දීප්තිමත් ආලෝකයකි.ඒ ආලෝකය රානාගෙ මෙන්ම එරික්ගෙ සිරුරුවල වැටී ඉතා ප්‍රතාපවත්ව දිස්නෙ දෙන අයුරු ඔවුන් ඉදිරියේ සිටින පුද්ගලයා බලාසිටියේ යම් පුදුමයකිනි.තමා දන්නා අංග ලක්ෂණ ශ්‍රාස්ත්‍රයට අනුව තමන් ඉදිරියේ මේ සිටින්නෙ එසේ මෙසේ ඉරණම් ශක්තියක් ඇති දෙදෙනෙක් නොවන බව මේ පුද්ගලයාට පැහැදිලි උනි.........!!!

"මමයි සියදෝරිස් ගුරුන්නාන්සෙ...!!!
මේ අවේලාවෙ මේ තරුණයො දෙන්න මාව හොයාගෙන ආවෙ මොන වගේ කාරණාවකටද.......??? "

"අපි දෙන්න හේරත් ගුරුන්නාන්සෙගෙ ගෝලයො දෙන්න ගුරුන්නාන්සෙ මාමා. හේරත් ගුරුන්නාන්සෙ මේන් මේ ලියුම් කරදහිය ගුරුන්නාන්සෙ මාමට දෙන්න කියල අපිට දුන්නා.......!!! "

"හ්ම්..... කෝ දෙමුකො බලන්න...!!! "

රනා අතේ තිබූ පරණ බෑග් එකේ රෙදි අතර පරිස්සමෙන් තබා තිබූ හතරට නැමූ ලියුම හොයා අතටගත් රනා එය සියදෝරිස් ගුරුන්නාන්සෙ අත තැබීය.ලියුම කියවා හිනාවෙමින් තරුණයන් දෙදෙනා දිහා බැලූ සියදෝරිස් ගුරුන්නාන්සෙ උගුරෙ රැල් බුරුල් අරින්නට විය........!!!!

"හේරත් අයියණ්ඩිගෙ ඉල්ලීමක් මං කොහොමද අහක දාන්නෙ....!! මෙහෙන් එමුකො කොල්ලනේ...!! මොනවහරි සප්පායම් වෙලා හෙට උදැහැනැක්කෙ යමු කුඹුරයි කොරටුවයි බලන්න.....!!! දැන්නං ඒක වල් වැදිල තියෙන්නෙ. ඒත් මට විශ්වාසයි උඹට දෙන්න ඒක අස්වද්දයි කියල.....!!!!

හා එමු ඇතුලට.... මහන්සිත් ඇතිනෙ මෙච්චර දුරක් ඇවිදිල්ල. වත්ත පහළට වෙන්න තියෙනව ශෝක් ළිඳක්. දෙන්න එක්ක ගිහිල්ලා නාගෙන එමු. මං අපෙ හාමිනේට කියල ඔය ළමයි දෙන්නට ඉක්මනට කන්න දෙයක් හදවල දෙන්නං.....!!!! "

සියදෝරිස් ගුරුන්නාන්සෙ කියූ ලෙසම සීතල වතුර ඇඟට වැටී දාඩිය සේදී යද්දී තරුණයන් දෙදෙනාට දැනුනේ පුදුමාකාර සනීපයකි.....!!! ඇතිවෙන්න නාගත් දෙදෙනා කිළුටු ඇඳුම් සෝදා ඒවා ළිඳ ගාවම බැඳ තිබූ වැලෙන් වනා ආපහු සියදෝරිස් ගුරුන්නාන්සෙගෙ ගෙදරට ආවෙ අධික කුසගින්නකිනි...!! බතල මාලුවක් එක්ක කොච්චි දැමූ සැර කරවල බැඳුමක් සමග දවස් හතරකට පස්සෙ බඩ පිරෙන්න බත් කෑ රනා හා එරික් ගුරුන්නාන්සෙ සමග නිවසේ ඉස්තෝප්පුවේ ඉඳ ගත්තේ ආගිය තොරතුරු කතාකරමිනි.......!!!!

රන්තලිය වලව්වWhere stories live. Discover now